|03|

875 102 3
                                    

වෙට් ගාවට ගිහින් පපීට බෙහෙතුත් දාගෙන ඉවර වෙලා මං එයාව හවස ගන්න පොරොන්දුව පිට එතනම තියලා ඔෆිස් එකට එන්න ආවෙ දැන් එන දේකට මුහුණ දෙන්න හිතාගෙන. මොලේ කල්පනා කරලා අර මෑ ඇටේගෙන් සල්ලි ටික ගත්ත හින්දම හොඳයි. හහ්.. ඔෆිස් එක ගාවට එද්දි නම් අටේ කෑලිත් නෑ. යද්දි මෙන්න ඉස්සරහම මිනී ඉන්නවා නිකං වැම්පයර් කෙනෙක් වගේ දත් මිටිත් කකා. මටත් බයත් හිතුණා ඌව දැක්කම නම්..

"තොට නම් කියලා වැඩක් නෑ කුකී. පලයන් දැන්වත් ඇතුළට. ගොන් හරකා.."

ගොන් හරකා කිව්ව නිසාම ගොන් හිනාවකුත් දාගෙන මං මීටින්ග් රූම් එකට යද්දිම රූම් එකේ හිටිය ඔක්කොගෙම අවධානය අනේ අඩුවක් පාඩුවක් නැතුවම මට හම්බ වුණා 🙂
මිස්ට කොකනට් හෙඩ් නම් මට දුන්නෙ හරිම ආදරණීය බැල්මක්.. ඒක කොච්චර ආදරණීයයිද කියනවානම් කට කොණේ හිනාවකුත් තිබුණා.

"අහ් මිස්ට ජියෝන් ජන්කුක්. වඩින්න වඩින්න රාජධානියට.. "

අප්පද බොල.. එච්චර නම්බුවක්.. 😎 දන්නවා නම් මං තව ටිකක් පරක්කු වෙලා එනවා. බොසාගෙ කරච්චලේ පැත්තක දාලා මම බැලුවෙ මීටින්ග් රූම් එකේ ඉන්න මනුස්ස පරාණ ටික කවුද කියලා. හරී.. මුලින්ම මම දැක්කෙ සැලෝන් කෙල්ලව. ඒකි ඉන්නව මට කිණ්ඩි හිනාවක් දාගෙන. හහ් 😒 අනිත් හැමෝම වගේ කම්පැනි එකේ ශෙයා හෝල්ඩර්ස්ලා සහ මැනේජ්මන්ට් ටීම් එකේ අය.. පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න. එතකොට කවුද මේ මේන් චෙයා එකේ වාඩිවෙලා ඉන්න පොර.. Oh my fking god.... 😖 ඒ හිටියෙ වෙන කවුරුත් නෙවෙයි උදේ පාන්දර පාර මැද්දෙ මාත් එක්ක දහ අට වන්නම් නටපු අර නහර කාරයා.. දෙයියනේ එතකොට මිස්ට කිම් කියන්නේ මූද... අහ්හ්හ්හ්.. මට එන කේන්තියක්.. ඇට රිලවා.. 😑 පොරත් මාව දැකල ෆුල් හොල්මන්..
අපේ බොසාට ගානක් නෑ මෙතන ඉන්නෙ කවුද කියලා. විනාඩියක නිශ්ශබ්දතාවයකින් පස්සෙ සුපුරුදු විදියටම මගෙ ජාතිය ඇමතුවා. ඔක්කොමත් හරි.. බොසා අන්තිමට කිව්ව ටික හින්දා නම් මගෙ ඇස්වලට කඳුළුත් ආවා.

"ජියෝන් ජන්කුක්.! මම ඊයේ පැහැදිලිව කිව්වනෙ මෙතන වෙන දේ ගැන. තමුන්ට ජොබ් එකෙන් වැඩක් නැති නිසා වෙන්නැතිනෙ අදත් මේ විදියට හැසිරුනේ. හරි එහෙනම් තරඟයක් නැතුවම මිස් යෙජීව මං ස්ථීර කරනවා. එතකොට ජන්කුක් තමුන්ට දැන් ගෙදර යන්න පුළුවන් . "

කිසිම අනුකම්පාවක් නැතුව සර් එහෙම කිව්වම නම් මට ඇත්තටම දුක හිතුණා. මම ඊයෙ හිතුවෙ නෑ සර් ඒ දේවල් කිව්වෙ සීරියස්මයි කියලා . දැන් ඉතින් මොනා කරන්නද .. හ්ම්ම්..  දැන් ඉතිම් ගෙදර යන්න තමා තියෙන්නෙ . 🙂
ප්‍රසන්ටේෂන් එක මම 100% හොඳ විදියට හැදුවා කියලා මතක් වුණ නිසා ඒක යෙජී ගාවින් තියලා මං මිස්ට කිම් දිහා බැලුවා. වට්??? ඒ මූණෙ තියෙන්න අනුකම්පාවක් ද ?? හහ්.. සේරම කරල මෙතන තව අනුකම්පා කරන්නත් එනවා. පුළුවන් උපරිම විදියට ඒකටත් රවල බොසාටත් අංශක අනූවටම නැවිලා bow කරලා මම වචනයක්වත් නොකියා එලියට ආවා. අඩු ගානේ නිදහසට කරුණු කියන්නවත් මට මූඩ් එකක් තිබුණෙ නෑ. කෙලින්ම මගෙ .. ඔහ් සොරි.. ඉස්සෙල්ලා මගේ වෙච්ච කැබින් එකට ඇවිත් මගේ කියලා තිබ්බ දේවලුත් අරන් මං ගෙදර එන්න ආවෙ මිනීටවත් නොකියා. පෙට් හවුස් එකෙන් බලු පැටියවත් අරන් ගෙදර එන ගමන් මං ඌට නමකුත් දැම්මා ඕසී (oc) කියලා 😒. ඕස්ට්‍රේලියා නෙවෙයි හරිත.. ඒකෙන් කියවෙන්නෙ එයාව මට හම්බ වුණ දවසෙ තත්ත්වය ගැන.. " ඔක්කොම චකබ්ලාස්ට් " 🥴

අම්මටත් දුකයි වෙච්ච දේ ගැන. ඒකත් බල්ලෙක් නිසා.. නෑ අර බලු මිනිහා නිසා කියලා තමා මම නම් කියන්නෙ.. ආහ්හ්.. මට එන තරහක්... දැන් ඉතින් ආයෙ ජොබ් හොයපන්කො.. qualifications තිබ්බ පලියට ජොබ් උඩින් පාත් වෙනවයෑ.. රෙද්ද .. 😒..

to be continue .. 💜

 💜

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.
Here we meet again🍃💜 (Complete)Donde viven las historias. Descúbrelo ahora