|02|

939 104 0
                                    

මම කොයිකටත් කියලා ඔම්මට කිව්වා වෙලාව අනුව තමයි මගේ ජොබ් එක තීරණය වෙන්නෙ කියලා. පස්සට පසු තැවෙන්න බෑනෙ. 5.30 ටම එලාම් එකත් තියලා මං දොයිය ගත්තේ වෙනදට වඩා කලින් කෝමත් යන්න ඕනෙ නිසා. පෙර පිනකට වගේ මෙදාපාර නම් මං එලාම් එකටම ඇහැරුනා. ඒ හින්දම වෙලාවට බස් එකට ඇවිත් සැපට වාඩිවෙලා ඇබ දෙකත් කනේ ගහගෙන සිංදුවකුත් අහ අහ එද්දි..
ආයිශ්...ශිබල්... 😒 උදේ පාන්දර ම මගේ වාසනාව ඔප්පු කරන්න වගේ කම්පැනි එකට හෝල්ට් දෙකක් මෙහායින් බස් එක කැඩුනා දෙයියනේ 😩.. ශිට් ශිට් ශිට්.. සමහර විට මං අද වේලාසන ආව හින්දද දන්නෑ බස් එකටත් කෙල වුනේ කියලා මගෙ හිත මටම කිව්වා .
ඇවිද්ද පය දහස් වටී කියලා තව වෙලාවත් තියෙන එකේ මං පයින්ම යන්න ගත්තේ සිංදුවකුත් කිය කිය.. කොහොමින් කොහොම හරි කම්පැනි එක පේන මානෙට එනකොටම මං දැක්කෙ ලස්සන හුරතල් පපී කෙනෙක් පාර මැද්දෙ ඉන්නවා.
ඇස් පියන් එන ඩ්‍රයිවර් කාරයෙක් ආවොත් එහෙම උගෙ කෑලි හොයන්න වෙන්නෙත් නෑ... කෝමත් සත්තුන්ට කරදර වෙනවට මගෙ ලාමක හිතේ පොඩි කැමැත්තක්වත් නෑ. ඒ හින්දම පාර මැද්දට වෙලා අනඟ රැඟුම් පාන බලු කුක්කටත් බැන බැන මං වාහනවලට අත දදා පාර මැදට එන්න ආවා. ඒත් එකපාරටම ..
"චෑස්" ගානවා ඇහුනා..

"මොන හු##ක්ද ?"

මට අසැබි වචනෙකුත් පිට වුනේ කාර් කාරයෙක් ඒ විනාඩියට බලු පැටියගෙ කකුල යට කරලා තියෙනවා දැකල. හොඳ වෙලාවට යන්තම් ගෑවිල විතරයි 🥺
මම දුවල ගිහින් පැටියව අතට අරගෙන බලද්දී කාර් කාරයත් බැහැල ඇවිල්ලා..
පිස්සු හැදෙයි සඳ බැබලෙයි කිව්වලු. පට්ට හැන්ඩ්සම් බුවෙක්නෙ බොලේ.. ආයිශ් රූපෙන් වැඩක් තියෙනවද මෙයා කරපු වැඩේ කැතයිනෙ. හුම්.

"මේ මිස්ට තමුන්ගෙ ඇස් පේන්නෙ නැද්ද අහ්. බලනවා තමුසෙ කරපු දේ. මේ පැටියට තුවාලයි."

පොරගෙ ලස්සන බලන එක පැත්තක තියලා මං පොඩි සද්දයක් දැම්මා.

"ආයිශ්.... හරි හරි මෙන්න මේක අරන් ඕකට බෙහෙත් දම්මවන්න."

එහෙම කියන ගමන් මෙන්න මේකා පාර්ස් එකෙන් අරන් සල්ලි කොළ ටිකක් දික් කරා. යකෝ මූව කොටියම කන්න එපැයි .. හැබැයි මූව කොටියා කන එක කෙසේවෙතත් මුගෙ නම් පොඩි කොටි ලයින් එකක් තියෙනවා 🌝

" අනේ අනේ මේ මහත්තයො සල්ලි දික් කරලා ශේප් වෙන්න හදන්න එපා. කරුණාකරල මාත් එක්ක වෙටී කෙනෙක් ළඟට යන්න එන්න. "

හහ් එහෙම ලේසියෙන් යන්න දෙන්න පුළුවන් ද.. ඒ අස්සෙ පාරෙ තියෙන අනිත් වාහන වල මිනිස්සුත් හෝන් ගගහා අපි දිහා බල බල යනවා පාර මැද්දෙ පෙන්නන මෙගා නාට්ටිය මොකක්ද කියලා බලන්නද කොහෙද ..

"මේ excuse me මිස්ට .. මට වෙන වැඩ නෑ කියලා තමුන් හිතුවද.. අනික මං ඕන කමින් මේ යක්ස පැටියව හැප්පුවෙ නෑනෙ. "

පෙනේද පෙනේද මේකගෙ වාග් විලාසය. හහ්.. මේ අහිම්සක බලු පැටියටනෙ දෙයියනේ යක්සයා කිව්වෙ. මේවා දෙයියොම බලා ගන්න ඕනෙ.

" හිතල කරත් නොහිත කරත් තමුන්නෙ මේක කරේ"

මාත් ආපිටට කෑ ගැහුවා. හහ්. දන්නෑ මුන්දැ මගෙ හැටි. හුම්..

"hey little boy , listen .. මම මේ බොහොම වැදගත් වැඩකට යන ගමන් ඉන්නෙ. 8 වෙද්දී මම එතන ඉන්න ඕනෙ. ඒ හින්දා කරුණාකරල වදයක් නොවී පාරෙන් අයින් වෙන්න. ශිට්.. උදේ පාන්දර මගෙ ඔළුවත් කෑවා.. "

ලිට්ල් බෝයි...? හහ් කවුද දන්නෑ ලිට්ල්.. 😒 මෙයා කියන ඒවා බලන්නකො. අන්තිම ටික හිමින් කිව්වට ඒකත් මට ඇහුනා. පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න. 8 ??? දෙයියනේ උදේ 8ට මටත් වැදගත් වැඩක් තියෙනවා නේද .. අද නම් මම ඉවරයි..
දැන් 8 ට විනාඩි දහයක්වත් නෑ.. මම වොච් එක බලන ටිකට අර මෝඩ කොටි හපුවා කාර් එකට නැගලා හෝර්න් ගහනවා. අනේ මට කාගෙවත් උදව් බලෙන් ඕනෙනෑ. ඒ හින්දා මම පාරෙන් අයින් වෙලා ඇවිත් ටැක්සියකට අත දාලා නැග්ගෙ පපීව වෙටී කෙනෙක් ගාවට අරන් යන්න..

" අනේ පැටියෝ මට 8 ට මීටින්ග් එකක්. ඒත් ඔයාලා මඟ දාලා යන්නත් බෑ.. හ්ම්ම් කමක් නෑ. ලක් එකක් තිබ්බොත් ජොබ් එකට කෙල වෙන එකක් නෑ"

ආහ්හ්හ්.. බලු කුක්කට මේවා කිව්වට තේරෙනවයෑ.. ඔන්න ඔහේ ඕන දෙයක් වෙච්චාවෙ කියලා මං හිත හදා ගත්තා.

to be continue .. 💜

(\_/)
( •_•)
/>💜<

(\_/)( •_•)/>💜<

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.
Here we meet again🍃💜 (Complete)Donde viven las historias. Descúbrelo ahora