|26|

731 87 10
                                    

ටේහ්‍යුන්ග් pov :

"කිම් ටේහ්‍යුන්ග්!! තමුන් කෞරු කියලද හිතන් ඉන්නෙ ? අර ජෙසිකා කියන ගෑනි හින්දා වෙන්නැති නේද ඩේට් එකකට ගිය මාවත් අමතක කරල ඉන්නෙ දැන්. හහ් මහලොකුවට කිව්වෙ නම් කොහොමද .. ඔය වගේ දේවල් මම විහිළුවට ගන්නෙ ඤැහ් .. අරකද මේකද.. තමුසෙල ඔක්කොම එකයි. බොරුකාරයො 😏"

.....

ගෙදර ඇවිත් නාලා කාමරේට එන කොටම ෆෝන් එකට මැසේජ් එකක් ආව කියලා ආපු නොටිෆි එක දැකල මල වදයක් කියලා හිතල ෆෝන් එක අතට ගත්තත් ඒක එවල තිබුණ කෙනාව දැක්කම මගේ මූණෙ හිනාවක් ඇඳුනෙ ඉබේටමයි. හැබැයි ඇවිත් තියෙන මැසේජ් එක දැක්කම නම් මාව කන්ෆියුස්ඩ් උන්ගා බුන්ගා උනා 🥲 දෙයියනේ මේ කොල්ලට මොනා වෙලාද මේ? ජෙසිකවත් අල්ලගෙන ඒ මදිවට 😂 ඇත්තටම මට එයාට කියන්න බැරි උනානෙ ජෙසිකා කියන්නෙ අපේ කම්පැනි එකේ ඊළඟට කරන්න ඉන්න ඇඩ්වටීස්මන්ට් එකට අරගත්ත මොඩ්ල් කියලා 🥲 මේ කොල්ලා නම් බලන් යද්දි පුදුම ඉරිසියාකාරයෙක් 🤭 තමුසෙලා ඔක්කොම එකයි කියලා දාලා තියෙන්නෙ අනිවාර්යයෙන් තව කා එක්ක හරි රණ්ඩු වෙන්න ඇති. ඒත් ඉතින් උනේ මොකක්ද කියලා දැන ගන්නවත් කෝල් කරාට ෆෝන් වැඩ නෑ. දැන් ඉතින් මොනා කරන්නද හෙට වෙනකන් ඉන්න එපැයි ඒක ගැන අහන්න. හේතු කියනවා කෙසේ වෙතත් අහුවෙන එකෙන් දමල අරීද දන්නෑ ඔය කොල්ලා මට. 🥲 ඒ තරමට දරුණු ඔය තා තඩියට තරහ ගියාම 🥲

***

කොහොම හරි දෙකෙන් එකක් බේර ගන්නවා කියලා හිතලා ඔෆිස් ආවත් මේ ළමයා අද ලීව් එකක් දාලා . අසනීපයක්ද කියලා අහන්නවත් කෝ තවම ෆෝන් එක වැඩ නෑනෙ . මෙහෙම උනාම හරියට වැඩක්වත් කරගන්න බෑ මට.. එයා සම්බන්ධ දේවල්වලදි දැන් දැන් මාව ගොඩක් සංවේදී වෙලා. මොකද එයා නොදන්නවා උනාට එයාගෙ කිම්කාරයගෙ ලොකුකම් එයා ඉස්සරහ දියවෙලා ගිහින් ඉවරයි .. සරලවම කිව්වොත් මං එයාට ආදරෙයි..!!

*knock knock*

කූ ගැන කල්පනා කර කර ඉද්දිම මගෙ අවසරෙත් එක්ක ඔෆිස් රූම් එක ඇතුළට ආවෙ එයා ගැන විස්තරයක් දැනගන්න පුළුවන් කෙනෙක්. මින්ග්‍යු ! මං දන්න විදියට ජන්කුක් මේක ඇතුළෙ ගොඩක් කිට්ටු වෙලා ඉන්නෙම මින්ග්‍යු එක්ක. එයා ලොකුවට සෝශල් කෙනෙක් නෙවෙයි නිසා එයාට හිටියෙත් යාළුවො පොඩි ප්‍රමාණයක්නෙ. ඒත් මම හොඳටම දන්නවා හැමෝම ඉස්සරහ මතුවෙන්නෙ නැති පිස්සු දඟ කොල්ලෙක් එයාගෙ අස්සෙ ඉන්නවා කියලා..

Here we meet again🍃💜 (Complete)Where stories live. Discover now