|15|

768 100 0
                                    

ගෙදර ඇවිල්ලා නාන ගමනුත් මම කල්පනා කරේ මගෙ ආදර කතාව ගැන. ඇත්තටම ඒක කතාවක් කියන්නත් බෑ. පටුන ලියන්නත් කලින්ම කතාව ඉවර වුණානෙ.. මොනා කරන්නද ඉතින්.. මේ මගේ ලැබීමනෙ..

ඕන උට්ටක් කියලා මට කිම්කාරයා.. ආයිශ් මම හිතා ගත්තනෙ එයාට එහෙම කියන්නෑ කියලා. ටේ.. ටේ.. ආන් එයාට කියලා දාන්නත් හිතෙනවා මගෙ හිතේ තියෙන දේ.. ඒත් එයා මට හිනා උනොත් .. තියෙන පුංචි හිතවත්කමත් නැති උනොත්.. අනික.. අනික සෝහූ... අපේ යාළුකම් නැති වෙලා යයි. අනික අපේ පවුල් පරිසරේ... දෙයියනේ මට මේවා කොහොමද අමතක වුණේ.. කිම් ටේහ්‍යුන්ග් කියන්නෙ ඔයාගෙ උරුමක්කාරයා නෙවෙයි ජන්කුක්.. හිත හදාගන්න වෙනවා ඔයාට.. හ්ම්ම්ම්ම්...

***
2 weeks later

පහුගිය සති දෙකේම මම කරේ ටේව පුළුවන් තරම් මඟ ඇරපු එකට.. නම්ජුන් සර් එක්ක වෙනම ප්‍රොජෙක්ට් එකකට ජොයින් වුන නිසා ඒක මට ලේසි වුණා.

ඒ සති දෙක ඇතුළෙ ටේගෙන් ඈත් වෙන්න තවත් හේතුවක් මට හම්බ වුණා. ඇත්තම කිව්වොත් ටේයි යූරයි ලවර්ස්ලා කියලා මට ඔප්පු වුණ සිද්ධියක්. එදා මම ඔෆිස් එකෙන් යන්න එළියට එද්දි ටිකක් පරක්කු වෙලා. යූරලගෙ ප්‍රොජෙක්ට් එක නිසා එයත් එදා ඇවිත් හිටියා. ඇත්තටම එයා හරිම නිහතමානී ගෑනුළමයෙක්. යුන්ගි හ්‍යුන්ග් මං ගැන කිව්වා කියලා මාව හොයන් ඇවිත්ම මාත් එක්ක කතා කරා. එහෙම එකේ හිත හදන් ඒ කෙල්ල එක්ක තරහ වෙන්නත් බෑ. කොහොම හරි එදා මම එද්දී කා පාර්ක් එකේ ටේ එක්ක යූරත් හිටියා. මම එද්දිම වගේ යූරා ටේගෙ කම්මුලට කිස් එකක් දීල දුවල ගිහින් එයාගෙ කා එකට නැග්ගෙ ටේත් ලස්සනම ලස්සන හිනාවකින් යූරා යන දිහා බලන් ඉද්දි.. එහෙම්මම ඉස්සරහ බලද්දි එයා මාවත් දැක්කා. තප්පර ගානක් අපේ ඇස් මුණ ගැහුනත් මම පුළුවන් ඉක්මනින් ඒ ඇස් මඟ ඇරල එතනින් එන්න ආවෙ මගෙ හදවතට කවදාවත් නොදැනුන විදිහෙ වේදනාවක් දැනුන නිසා. අඬන්නෙ නැතුව මම හිටියේ පුදුම අමාරුවකින්. ඒත් මම දැක්කා මම එතනින් එද්දිම ටේ මට කතා කරන ගමන් ඉස්සරහට එනවා. එයාව නොදැක්ක විදියට මම පාරට දුවන් ආව පාර නතර වුනේ ඒ වෙලාවෙ ආව බස් එකකට නැගල..

හ්ම්ම් කොහොම හරි ඒ සිද්ධිය වෙලා අදට සති එකාමරක් විතර. ඒත් අදටත් මට එයා ගැන හිතන එක නවත්තගන්න බෑ.. කොච්චර එහෙම කරනවා කියලා හිතුවත් මගෙ ඇතුළෙ ඉන්න මෝඩ ජන්කුක් ඒක අහන්නෙම නෑ..

Here we meet again🍃💜 (Complete)Where stories live. Discover now