|28|

798 82 3
                                    

"හේ කූ බේබි නැගිටින්න දැන්"

"ම්ම්ම්හ් තව ටිකක් නිදාගමුකො හ්‍යුන්ග් "

සැප නින්දක් දාන් ඉද්දි ඒකට බාධා කරපු ටේටත් කෙඳිරි ගාලා මම ආයෙ නිදාගන්න හැදුවත් මාව උඩ ගිහින් ඇහැරුනේ මොනාහරි සී..තල ජාතියක් මගෙ බෙල්ලෙ ගෑවුන නිසා. නිදිමතත් කැලේ ගියා ඒ දැනුන ෆීලින්ග් එකට 😒 . ඒ සීතල වෙන මොනාත් නෙවෙයි කිම් ටේහ්‍යුන්ග් කියන දුෂ්ටයගෙ ඇඟිලි 😒 මේකා හිම කන්දක්ද මන්ද ... හැම තිස්සෙම සීතලයි.. හැබැයි හග් කරද්දී රස්නෙම රස්නෙයි 😐 අනේ මන්දන්නෑ මේකා පිටසක්වලයෙක්ද කියලා 😒
කොහොම හරි නින්දත් කැඩුන නිසා මම කාර් එකේ ශටර් එකත් ඇරගෙන ටේ දීපු බර්ගර් එකත් ගිල ගිල බනානා මිල්කි එකත් කටේ ගහගෙන වටපිටාවෙ සිරි විඳින්න පටන් ගත්තා. කෝමත් ටේ එහෙම කියලා තමා මාව ඇහැරවල තියෙන්නෙ . ගස්කොළං පිරිච්ච නිස්කලංක මම ආසම විදියෙ වටපිටාවක් මැද්දේ තියෙන පාරක තමා අපි හිටියේ..

"ටේ ඔයාට මහන්සි නම් මම ඩ්‍රයිව් කරන්නද ? "

ඇත්තටම අපි දැන් ගොඩක් දුර ඇවිත් නිසා මම ටේගෙන් එහෙම ඇහුවෙ පැය ගානක් මම නිදාගෙනත් ඇහැරුන එකේ ටේට පොඩි විවේකයක් දෙන්න හිතාගෙන.

"ම්ම් බේබි කැමති නම් මාත් ඕකේ.. "

ටේ එහෙම කියලා කා එක පාර මැදම නතර කරා. මේ පාරේ වෙන වාහන යන්නෙ නැති නිසා හොඳයි.. අපිට කිසිම වාහනයක් මෙච්චර දුර ඇවිල්ලත් තාම හම්බ උනේ නම් නෑ. යන්නෙ කොහෙද කියලා මම දන්නෙත් නෑ හැබැයි ඩ්‍රයිව් කරන්න ඉල්ලුවට.. හෙ හෙ

මම කා එකෙන් බැහැල ඩ්‍රයිවින්ග් සීට් එකට එද්දි කා එකෙන් බහින්නෙත් නැතුව ටේ පැසෙන්ජර් සීට් එකට පැන්නා.

"මැප් එකක් නැද්ද හ්‍යුන්ග් ? මම යන්න ඕනෙ කොහෙටද කියලා දන්නෙ නෑනෙ."

"මේ රෝඩ් එකෙන් ගිහින් යන්න පුළුවන් එකම තැනකට විතරයි . ඔයා ඉස්සරහට යන්නකො. ග්‍රීන් කලර් ගේට් එකක් ඇති . එතන තමා තැන. "

"ම්ම් එහෙම ද.. හාකො හාකො.. "

ටේ සීට් එකත් හදාගෙන සැප නින්දකට වැටෙද්දී එයා කිව්වා වගේම මම ආතල් එකේ ඩ්‍රයිව් කරන් ආවා. පැයකට කිට්ටු වෙන්න එක දිගටම ඇවිල්ලා.. ෆයිනලි ග්‍රීන් කලර් ගේට් එක...

Here we meet again🍃💜 (Complete)Where stories live. Discover now