"ලස්සනම දේ?" "නමේම තියෙන්නෙ....." "ආහ්?" "නේත්ර" .......................................................................................... "ආසම තැන?" "මෙතන...." "ආහ්?" "සුදු බේබිගෙ පපුතුරුල" .......................................................................................... "ආ......." "නස් නාරං?" "ඔව්,නේත්ර කැමතියිනෙ...." "හැබැයි දම්මි සුගත්ට දුන්නෙ වෙරළු සුදුබේබි" "ඒත් ආශව නේත්රට දෙන්නෙ නස් නාරං" .......................................................................................... "ඇයි සුදුබේබි ගැටපිච්ච මල් වලට ඔච්චරටම ආස?" "පරවුනත් ඒ මල් හරි සුවදයි නේත්ර....ඒකමයි මේ සුවදට මම මෙච්චර ආදරේ"