33 කොටස🤍✨

1.9K 289 306
                                    

"තේ බිව්වා නේද?"

"ඔව් සුදු අයියෙ අඩයක් කාලා තේ බිව්වා"

හැමෝටම පිටිපස්සෙන් ඇවිදගෙන යමින් හිටිය ආශව නේත්‍රගෙන් අහද්දි නේත්‍ර හරි සතුටින් උත්තර දුන්නා.කට්ටිට එක්ක එකට අඩ,උළුදු වඩේ කෑව දවසෙ ඉදන් හැමදාම උදේට,හවසට නේත්‍රගෙ පොත් මේසෙ උඩ හරි,ඉස්තෝප්පුවෙ පුටුවක් උඩ හරි ඔතපු අඩයක් තියෙද්දි මේ වගේ වැඩ කරන කෙනෙක්ට කියලා තමන්ට ඉන්නෙ ආශව විතරයි නිසා නේත්‍ර ආශවගෙ හොරේ අල්ලගත්තා.

ඒත් කවදාවත් ආශව ඒ අඩ ගැන තමන්ගෙන් නෑහුව නිසා නේත්‍රත් ආශවට ඒ ගැන කියන්න නොගියෙ ඒකෙන් ආශවගෙ හිත රිදෙයි කියලා හිතලා.මොකද ආශව ඔවා හොරෙන් තියන්නෙ මොකක් හරි ආසාවකට වෙන්න ඇතිනෙ.ඉතින් ආශවගෙ හොර වැඩේ මාට්ටු කරගත්තා කියලා නේත්‍ර කිව්වොත් ආශවගෙ සතුට නැති වෙන්න පුළුවන් නිසා නේත්‍ර ඒ ගැන වචනයක්වත් ඇහුවෙ නෑ.ඒ තමා ආදරේ කරන දෙන්නෙක් අතර තියෙන තේරුම් ගැනීම.ඉතින් කතාවෙන් කතාවෙන් කට්ටිය ගමනාන්තෙට ලං වෙන ගමන් හිටියා.

ගම්මානෙ කොනකට වෙන්න තිබ්බ සාමාන්‍යෙන් ප්‍රසිද්ධ වැව් වලට වඩා ප්‍රමාණයෙන් කුඩා උනාට සාමාන්‍ය ප්‍රමාණයට ඉදිකරලා තිබ්බ වැව ගාවට ඉලන්දාරි ටික උදේම ඇවිත් තිබ්බා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ගම්මානෙ කොනකට වෙන්න තිබ්බ සාමාන්‍යෙන් ප්‍රසිද්ධ වැව් වලට වඩා ප්‍රමාණයෙන් කුඩා උනාට සාමාන්‍ය ප්‍රමාණයට ඉදිකරලා තිබ්බ වැව ගාවට ඉලන්දාරි ටික උදේම ඇවිත් තිබ්බා.ඉලන්දාරි ටික කිව්වට උදේම සිංහවංශ මහත්තයා එක්ක ගමනක් වැටිලා තිබ්බ නිසා තෙවින්ට මෙතනට එන්න බැරි වෙද්දි වලව්වට ආපහු ආව ගමන්ම තමන් වැව ලගට එන්නම් කියලා තෙවින් දෙනෙත්ට පොරොන්දු වෙලා තිබ්බා.

"දිවාෂ මල්ලි බලාගෙන ගැඹුරු හරියට යන්න එපා!!!!"

"නේත්‍ර ඔය දුර ඇති!!! තව අඩියක් හරි තිබ්බොත් මම එනවා ඔතෙන්ට"

නිවාලන්න මා... (Taekook nonfic)Where stories live. Discover now