48 කොටස🤍✨

1.5K 292 548
                                    

"සුදුබේබි!"

"මමයි එයාට කතා කරන්න එන්න කිව්වෙ.යං ඒ ලමයා ජූස් බාර් එකට ගියා"

"ඒත් සුදුබේබි...."

"අපි යං නේත්‍ර.....එයා එක්ක කෙලින්ම කතා කරලා බලමු"

"අනේ මම කැමති නෑනෙ සුදුබේබි....."

"ඒක එයාට අද කියමු නේත්‍ර...ඕක ඔයා ෆෝන් එකෙන් කිව්වා කියලා එයා තේරුම් ගන්නෑ.මනුස්සයෙක්ට දෙයක් තේරුම් යන්නෙ හුගක්ම එයා එක්ක කෙලින් කතා කලාම.අනික මම ඉන්නවනෙ....යං"

"සුදුබේබි එනවනං යං...."

තමන්ගෙ පිටිපස්සෙන් ආව දෙවින්ට ඔලුවෙන් සන් කෙරුව ආශව නේත්‍ර කරේ එල්ලන් උන්නු බෑග් එකෙනුත් අල්ලගෙන පාර පැනලා එතනම තිබ්බ සිසිල් බීම අවන්හලට ඇතුල් වෙද්දි දිවාෂවත් ඇදගෙනම දෙවිනුයි තෙවිනුයි දෙන්නත් ඒකටම ඇතුල් වුණා.අවන්හලේ කොණේම මේසෙක උපාධ්‍යා එක්ක ඉදන් උන්නු සෙනදි දිවාෂව දැක්ක ගමන් ගස්සලා අහක බලාගනිද්දි ඕක දැක්ක තෙවින් කැත විදියට හිනා වුණා.

නේත්‍රව දැක්ක උපාධ්‍යා අත වනලා නේත්‍රට කතා කරද්දි නේත්‍ර ආශව දිහා බැලුවා.නේත්‍ර දිහා බලලා හිනා වුණු ආශවගෙ ඇස් දෙක උපාධ්‍යා දිහා බලද්දි කේන්තියෙන් පිපිරෙනවා නේත්‍ර දැක්කා උනත් මේ වගේ වෙලාවක ආශවව සන්සුන් කිරීමෙ තේරුමකුත් නැ කියලා නේත්‍ර දැනන් උන්නා.නේත්‍රවත් ඉස්සර කරගත්තු ආශව උපාධ්‍යා හිටිය මේසෙ ලගට යද්දි නේත්‍ර එක්කයි ආශව එක්කයි හිනා වුනු සෙනදි ඉක්මනටම නැගිටලා එතනම එහා පැත්තෙ තිබ්බ මේසෙට ගියා.

"නේත්‍ර...."

"අනේ මටනම් බෑ සුදුබේබි...මෙයා එක්ක තනියම කතා කරන්න"

"එහෙම නෙවේ....මෙතන මම ඉන්න ඕනි නෑ...නේත්‍ර කියන්න තියෙන දේ කියන්නකො එයාට.මම උවමනාවක් උනොත් එන්නම් තේරුනාද?"

"ස්...."

"ගෙදර ගියාම අද මගෙ ලගින්ම තියාගන්නවා මම.....අද ගෙදර නොයා මා එක්ක ඉමු"

"සුදුබේබි මම...."

"ගිහින් කතා කරගන්න නේත්‍ර....ඉක්මනට හැබැයි.....මට හුගක් වෙලා ඉන්න දෙන්න බෑ එයාට ඔයා ලගට වෙලා"

නිවාලන්න මා... (Taekook nonfic)Where stories live. Discover now