02 කොටස 🤍✨️

2.3K 375 299
                                    

"ආව්ව්"

ලඳු කැලෑවේ ඉන්නවා යැයි කියාගෙන හිතින් මවාගත්තු යක්කුන්ට බය වෙලා උන්නු වලව්වේ සුදු බේබි තමන්ගේ පිටිපස්සෙන් ඇහුනු හීනි කට හඬට බය උනා.දිව දිග කට ලොකු යකා තමන්ට නස්නාරං දීලා රවට්ටගෙන කැලෑවට අරන් ගිහින් ලේ බොන්න හදන්නෙ කියලා නිගමනයකට ආපු සුදු බේබි ඇස් දෙකත් වහගෙන පිටිපස්ස හැරිලා තමන්ට පුළුවන් උපරිම වීදිය යොදවලා යකාව තල්ලු කරලා දැම්මා.ඒත් එක්කම ගල් බැම්ම උඩින් බිමට පැන්න සුදු බේබි ඔක්කොම දමල ගහල වලව්වට දුවන්න හැදුවත් ඒ ගමන නවත්තගත්තේ යකාගේ පැත්තෙන් ඇහුනු කෙඳිරිලි සද්දෙ නිසා.

"ආව්ව්ව්"

හයියෙන් කෑ ගහන යකාගෙ සද්දෙ වෙනුවට ඉකි බිදින දෙන සද්දයක් ඇහුන නිසා සුදුබේබි ඉක්මනට ඒ පැත්ත හැරිලා බැලුවා.

ජීවිතේ පලවෙනි වතාවට ඒ තියුණු සිහින් දිගු දෙනෙත් කඳුළු වලින් පිරිලා ලොකු වුණු රවුම් බෝල ඇස් එක්ක පැටලෙද්දි අවුරුදු 11ක පුංචි සුදු බේබිටවත් අවුරුදු 10ක නස්නාරං පෙරේතයෙක්ටවත් ඒ ඇස් වල එකිනෙකා වෙනුවෙන් ලියවිලා තිබුණු ආත්මීය බැඳීම ගැන තේරුමක් දැනුනෙ නැහැ.ඒ පුංචි උන් දෙන්නා ඒ බව තේරුම් ගන්න තරම් මෝරලා හිටියෙත් නැහැ.ඒ කොහොම වුණත් මේ පුංචි භූතයා තමන්ව බය කරපු එක ගැන සුදු බේබිගෙ හිතේවත්,අලුත් යාලුවා තමන්ව තල්ලු කරලා බිම වට්ටපු එක ගැන නස්නාරං පෙරේතයගෙ හිතේවත් තරහක් ඇති වුණේ නැහැ.හැමදේටම මහා මුහන්දිරම් වගේම නැට්ට පාගන් දඟලන,කෑගහන බනින වලව්වේ සුදු බේබි මේ වෙලාවෙ බිම වැටිල අඬන පුංචි භූතයා ළඟට දුවගෙන ගියා.

"අයියෝ අඬන්න එපා"

"ආආආආආ......................."

පුංචි භූතයා ගාව දණින් නැවුනු සුදුබේබි ඒකව නලවන්න වචන කියද්දි පුංචි භූතයා මරහඬ තලන්න ගත්තෙ කලින්ටත් වඩා හයියෙන් විලාප තියෙන ගමන්.

"ඔයාට රිදුනද? ඒකද අඩන්නෙ?"

හරි පුදුමයි.ඉස්කෝලෙ ලමයිට රිදෙනවද කියලවත් නොබලා තුවාල වෙන්නම ගහපු සුදුබේබි තමන්ගෙ ඉස්සර මූණත් රතු කරන් අඩන පුංචි භූතයගෙන් රිදුනද අහනවා.

නිවාලන්න මා... (Taekook nonfic)Where stories live. Discover now