51 කොටස🤍✨

1.4K 279 282
                                    

"The final match between Lemuel House and Central House starts in ten minutes.The team captains of both teams......."

නිවේදනය ලැබීමත් එක්ක ත්‍රිත්ව විද්‍යාලීය ක්‍රීඩාංගනයේ පැවීලියන් එක වගේම පිට්ටනිය වටේමත් ලමයි පිරෙන්න ගත්තෙ මේ තරගෙ හරි උණුසුම් වගේම ආකර්ශනීය එකක් වෙන බව දැනන් හිටිය නිසා.දැනටමත් ලමයි සීයකට අනූවක් විතරම ජය පැරදුම තීරණේ කරලත් අවසන් වෙද්දි ලමයි කීප දෙනෙක් තවමත් තරගයේ ජය පැරදුම ගැන නිශ්චිත තීරණේක් හිටියෙ නෑ.ආශවව හම්බෙන්න ගිය නේත්‍ර ඇස් වල කදුලුත් පුරවගෙන දිවාෂ ලගට එද්දි කණ්ඩායමට තර්ජන එල්ල කරන ගමන් අභිප්‍රේරණය කර කර උන්නු දිවාෂ නේත්‍රව අල්ලගෙන කවුරුත් වැඩියෙ නොගැවසෙන පැත්තකට ගියා.

"මොකෝ චූචියො මේ?"

"ස්....සුදුබේබි තවම කේන්තියෙන් දිවාෂ...... එයා හරි ආවේගෙන් ඉන්නෙ.මට බයයි මැච් එක වෙලාවෙදි ඔය කේන්තිය කාගෙ හරි පිටින් යයි කියලා"

"ඊයෙ රෑ හොදට හිටියනෙ අනේ ආසවයා.මොකෝ උනේ එකපාරටම"

"අ....අම්මා......"

දිවාෂ ඇහුව දේට උත්තර දෙන ගමන් නේත්‍ර ආශවගෙ කේන්තියට පාදක වුණු සිද්ධිය සිහියට නගා ගන්න වුණා.ඊයෙ රෑ නේත්‍ර ආශවගෙ ඇදුම් මදින ගමන් හිටියෙ ආශව කණ්ඩායමේ සාමාජිකයො එක්ක අදාල විස්තර කතා කරගන්න දුරකතන ඇමතුමක හිටිය නිසා.ආශවගෙ පාසල් නිල ඇදුම වගේම ක්‍රීඩා ඇදුමත් පිලිවෙලකට මැද්ද නේත්‍ර නිල ඇදුම හැගරයක දාලා ඇදුම් එල්ලන්න තිබ්බ ලී කොක්කක එල්ලලා සුදු අත් දිග ටී ෂර්ටය එක්ක සුදු දිග බොටම් කලිසම පිලිවෙලකට නවලා තිබ්බා.දුරකථන ඇමතුම ඉවර වෙද්දි නේත්‍ර ආශවගෙ පාසල් සපත්තු දෙකයි ක්‍රීඩා සපත්තු දෙකයි පිහිදලා අවසන් කරලා තිබ්බා වගේම ආශවගෙ පාසල් ගෙනියන බෑගය පවා සකස් කරලා අවසන් කරලා තිබ්බා.

නේත්‍ර එක්කම එකතු වෙලා ක්‍රිකට් භාණ්ඩ ටික ගෙනියන ගමන් මල්ලත් සූදානම් කරගත්තු ආශව ලෑස්ති වුණේ නේත්‍ර එක්කම නිදාගන්න.උදේ පාන්දරම ඇහැරුනාට පස්සෙ නේත්‍රට මෙහෙන්ම නා කියා ගෙන ගෙදෙට්ට ගිහින් ලෑස්ති වෙන්න වැඩි වෙලා නොයන බව ආශව දැනන් හිටියෙ නේත්‍ර නිල ඇදුම,සපත්තු දෙක හැමදේම කලින්ද හවස් වෙන්නත් කලින් පිලිවෙලකට ලෑස්ති කරලා තියෙන බව දැනුවත් නිසා.හවස උනු සිද්ධිය නිසාම ආශවට නේත්‍රව තමන්ගෙ අත් අතරෙ හංගන් ඉන්න ඕනි වුණා වගේම නේත්‍රටත් ආශවගෙ උණුහුමේ රැදෙන්න තද වුවමනාවක් තිබුනා.

නිවාලන්න මා... (Taekook nonfic)Where stories live. Discover now