39 කොටස🤍✨ ( Christmas Special )

2K 290 489
                                    

"හෙමීට පලයංකො හුත්ත!!! මගෙ කකුලක් හරි හීරුනොත් මම තෝවත් මරලා මහ කුමාරිහාමිවත් මරලා තමා පස්ස බලන්නෙ!!!"

මම මේ වෙලාවෙ ඇත්තටම හිටියෙ තෙවින් පම්කයගෙ බයික් එක පිටිපස්සෙ.ආර්යගෙ ගෙදර ක්‍රිස්මස් පාටි එකට අපි රංචුවටත් ඉන්වයිට් කරලා තිබ්බා.අපේ උන් ටිකටත් නැට්ට ගිනි ගත්තෙ අද උදේ.හවස තියෙන පාටි එකට ඇදුම් ගන්න යන්නෙ අද උදේ.අපරාදෙ එච්චර වේලාසනින් යන්නෙ....පාටි එකට යමින් ගමන් ඇදගෙනම යන්න ඇදුම් ගත්තනම් තවත් සෝක්.

ආර්ය කොල්ලා නුවර උනාට කැතලික්නෙ.ඕකට හරියට කොල්ලො කැපිල්ල දානවා ඉස්කෝලෙදි.ආච්චිලා සීයලා කවුරුහරි සුද්දන්ට දෙන්න ඇති කියලා.ආර්ය හොද එකා නිසා හොදයි.නැත්තං ඔය කියන උන්ට ඇරලා තමා වෙන එකෙක් වගේනම් පස්ස බලන්නෙ.උන්ගෙ අම්මා සුද්දියක් වගේ ඇත්තටම.ලන්සි ගෑනු කෙනෙක්.අප්පච්චිනම් නුවරමයි.ඒත් දෙන්නම කැතලික්.ආර්ය නිකං හෙන කෑල්ල වගේ ඉන්නෙ අම්මගෙයි අප්පච්චිගෙයි ලස්සන නිසා මම හිතන්නෙ.

කොහොමහරි අපේ සත්ව සේනාවට ඇදුම් ගන්න ඕනි වෙලා ගෙවල් වලින් පැන්න පාර හැමදාම වගේ ඔක්කොම එකතු වෙලා මට ඇරියා.ආසවයා නේත්‍රව උගෙ බයික් එකේ පටෝගෙන යද්දි දෙවින් පණත් ගියා දෙනෙත් අයියව එක්කගෙන එන්න.දැන්නම් දිවාසට හොදටම වෙනස්කම් මුන්ගෙන්.ලව් එක වගේ හිටිය එකාව ආසවයා බිලිගත්තා.අයියා වගේ හිටිය එකාව දෙනෙත් අයියා බිලිගන්න ගමන් ඉන්නෙ.දවසක මේ පරයා එක්ක බයික් එකේ ගිහින් මම බිලි වෙන්නෙ මග මරුවට.

පේරාදෙණිය රෝඩ් එකේ පිඹගෙන යන තෙවින්ගෙ බයික් එක පිටිපස්සෙ හිටිය මම උගෙ ඉණ වටේ අත් දෙකත් දාගෙන පිටට තද වෙලා හිටියා.මූ යන යෑමට මගෙ සයිස් එකත් එක්ක හුලගට උනත් යන්න බැරිකමක් නෑ.මෙහෙම ගිහින් බැරි වෙලා හරි ලොරියකටවත් යට උනොත්.මුගෙන්නම් වැඩක් නෑ.මම නැති උනොත් එහෙම? රටට දැයට වැඩදායි දරුවෙක්නෙ නැති වෙන්නෙ.

"මහ මගට බිලිවී අකලට මිලින වුණු පුංචි මල් කැකුල"

"මග මරුවා බිලිගත් තවත් සොදුරු දිවියක්"

නිවාලන්න මා... (Taekook nonfic)Where stories live. Discover now