42 කොටස🤍✨

1.4K 286 139
                                    

"අද ප්‍රැක්ටිස් නෑ මට....මම එනකං ගේට් එක ලගට වෙලා ඉන්න ඕනි....තේරුනාද?"

"ඕ සුදුබේබි.....මම ඉන්නම්"

"කෝ ඔහොම ඉන්න....නේත්‍රගෙ කොණ්ඩෙ අවුල් වෙලා"

පාසලේ ප්‍රධාන ගේට්ටුවට ටිකක් මෙහාට වෙන්න නේත්‍රව නවත්තගෙන හිටිය ආශව නේත්‍රට උපදෙස් කීපෙකුත් ලබාදෙන ගමන් ටිකක් පාත් වුණේ නේත්‍රගෙ අවුල් වෙලා තිබ්බ කොණ්ඩෙ හදන්න හිතාගෙන.තමන්ගෙ අතේ ඇගිලි වලින් නේත්‍රගෙ කොණ්ඩෙ හැදුව ආශව නේත්‍රව ඉස්සර කරගෙන පාසලට ඇතුල් වෙද්දි ඊට පිටිපස්සෙන් ආව දිවාෂ,දෙවින් තමන්ට දුන්නු රුපියල් එකසිය පණහ ගැන සෑහීමට පත් නොවී විවාද කරන ගමන් හිටියා.

"ඇවිත් බුලත් දෙන්න ඕනිද මල්ලි අතුගාන්න? මමද ඇවිත් අතුගාන්න ඕනි?"

මාසෙකට විතර පස්සෙ විවෘත කරපු පන්තිය දූවිලි වලින් වැහිලා තියෙද්දි කොල්ලො ටික වගේ වගක් නැතුව කියෝ කියෝ ඉන්නව දැක්ක ශිෂ්‍යනායකයෙක් ඇගට කඩා පනිද්දි කිසි ගාණක් නැතුව හිටිය ආර්ය කොස්ස අතට ගත්තා.

"දිවාෂ,ඕනිනම් ඔය අයියට අතුගාන්න කියපං ඇවිල්ලා"

ආර්යගෙ වචනත් එක්ක කට්ටියටම හිනා යන්න ආවත් අතලොස්සක් උනු ශිෂ්‍යනායකයො ටික තෝරලා තියෙන්නෙ නිකංම නෙවෙයි කියලා දන්න නිසත්,තමන්ට වරදක් නොකියන තාක් ඒ අයට උඩින් යන එක හරි නැති නිසත් කට්ටිය එක්කම පන්තිය අස් කරන්න ගනිද්දි නේත්‍ර ගියේ මල් කඩාගෙන එන්න.කොහොමත් පන්තියෙ බුදුපහන තියන වැඩේ කලේම නේත්‍ර.වතුසුදු මල් ගහ ලගට ගිහින් මල් කඩන නේත්‍ර දිහා ඒ ලගම තිබ්බ ගල් බැම්මකට හේත්තු වෙලා බලාගෙන ඉන්න රධීන්ව දැක්කත් නොදැක්ක ගාණට ඉක්මනටම මල් ටික කඩන්න ගත්තු නේත්‍ර දිහාවට තව ඇස් දෙකක් යොමු වෙලා තිබ්බා.

"මෙතනට වෙලා මොකෝ කරන්නෙ උබ? ඩියුටි තියෙන්නෙ ගේට් එක ලග නේද?"

"පොඩ්ඩක් ඉදපං දෙවින්.....පොඩි එකා මල් ටික කඩාගෙන පන්තියට යනකං මේ ඉන්නෙ"

සුදු දිග කලිසමේ සාක්කුවකට එක අතක් ඔබාගෙන ඔරලෝසුව බැදලා තිබ්බ අනික් අතින් කොණ්ඩෙ හදන ගමන් හිටිය ආශව කියද්දි දෙවිනුත් ආශව ලගින්ම නතර උනේ ඈතින් ඉන්න රධීන්ව දැක්ක නිසා.ඔතන නේත්‍රට මොකක්ම හරි කියලා රධීන් ප්‍රශ්නයක් ඇති කලොත් ආශවව ආම්බාන් කරගන්න එක අමාරු බව දෙවින් හොදටම දැනගෙන හිටියා.නේත්‍ර මල් ටිකත් කඩාගෙන බිම බලාගෙනම පන්තියට ඇතුල් උනා කියලා දැක්කට පස්සෙ ආශව ප්‍රධාන ගේට්ටුව ලගට යද්දි දෙවින් එහෙම්මම හැරිලා එකොලහ වසර පන්ති කාමර පැත්තට ඇවිදන් ගියා.

නිවාලන්න මා... (Taekook nonfic)Where stories live. Discover now