44 කොටස🤍✨

1.5K 277 224
                                    

"කෝ මෙතෙන්ට එන්න මැණිකෙ"

ඇද පත්තට පිට තියාගත්තු ආශව තමන්ගෙ කකුල් දෙක අතර පෙන්නද්දි කොට කලිසමකට ආශවගෙ පරණ ලොකූ කමිසයක් ඇදන් හිටිය නේත්‍රත් තත්පරයක්වත් පරක්කු නොකර ආශව ලගට ගිහින් ගුලි ගැහුණා.නේත්‍රගෙ ඉණෙන් අල්ලගෙන තව ඩිංගක් තමන්ට තදකරගත්තු ආශව නේත්‍ර ආශවට දීලා ගිය නේත්‍රගෙ දුරකතනෙ අරගෙන ඒක ක්‍රියාත්මක කලා.නේත්‍ර ඉන්නැද්දිම නේත්‍රගෙ ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙ කෙටි පණිවිඩ කොටසට ඇතුල් වුණු ආශව නේත්‍රගෙ ඇස් ඉස්සරහම උපාධ්‍යාගෙ පණිවිඩ ගොන්න විවෘත කලා.

"හායි"

"මම උපාධ්‍යා.....ඔයානම් දන්නෙ නැතුව ඇති.....ඒත් මම ඔයාව හුගාක් දන්නවා"

"කොහොමද ඉතින්"

ආශවගෙ උකුල උඩ ඉන්න නේත්‍රගෙ ඇස් දෙකයි නේත්‍රගෙ ඔලුව පැත්තකින් තමන්ගෙ ඔලුව දික් කරන් දුරකථන තිරේට එබිලා ඉන්න ආශවගෙ ඇස් දෙකයි හරි කුහුලෙන් ඒ පණිවිඩ කියවන ගමන් හිටියා.ඒ විදියට පටන් අරන් තිබ්බ පණිවිඩ එවිල්ල ටික ටික ගැඹුරු වෙලා තියෙන හැටි මෙලෝ දෙයක් නොතේරෙන නේත්‍රගෙ ඔලුවට නොදැනුනාට සමාජෙ එක්ක ගැටෙන ආශවටනම් තේරුනා.

"මම ඔයාව හුගක් වෙලාවල් වලට දැකලා තියෙනවා නේත්‍ර....සමහර දවස් වලට මම නේත්‍ර දිහා ඈත ඉදලා බලන් ඉන්නවා....ලං වෙලා කතා කරන්න හිතුනත් මට බෑ තවමදේ කරන්න"

"මේ ගෑනු ලමයා ගොළු කෙනෙක්ද දන්නෑ නේද සුදුබේබි"

"මොහ්....මොකක්? ඒ ඇයි"

"කතා කරන්න බෑ කියන්නේ....පෞ නේද සුදුබේබි?"

"ඔව්....පෞ.....ඉන්නකො අනික් ටිකත් බලනකං"

"නේත්‍ර හරි ලස්සනයි.....හුගාක් අහිංසක පාටයි.....මම මේ විදියට දැක්ක එකම පිරිමි ලමයා නේත්‍ර....මම මෙහෙම කතා කරන පලවෙනි පිරිමි ලමයත් නේත්‍ර....මම දන්නෑ මෙහෙම කතා කරන එක හරිද කියන්නවත්....

ඒත් මම නොදන්න මටම නොතේරෙන මොකක් හරි දෙයක් නිසා මම නේත්‍රට බැදිලා වගේ මට හිතෙනවා....නේත්‍ර මගෙ මේ මැසේජස් ලේසියෙන් කියවන්නෙ නෑ කියලා දැන දැනත් මම මැසේජ් කරනවා...නේත්‍ර දිහා බලන් ඉන්නවා......නේත්‍රටයි මටයි එකම පාරක යන්න පුලුවන්ද නොදැන මම නේත්‍ර එනකං බලන් ඉන්නවා"

නිවාලන්න මා... (Taekook nonfic)Where stories live. Discover now