05 කොටස🤍✨

1.7K 311 152
                                    

වලව්ව පුරාම කැවුම් කොකිස් සුවඳ පැතිරෙන එක පටන් ගත්තේ ඊයෙ හවස ඉඳලා කියලා වලව්වේ ඇත්තො ඔක්කොටම මතක තිබ්බා.වලව්වෙ පුංචි මුදියන්සේ, එහෙමත් නැත්නම් සුදු බේබිගෙ උපන්දිනය යෙදිලා තිබුනේ අද දවසෙ නිසා මේ වෙද්දි වලව්වෙ මුළුතැන්ගේ ලහිලහියේ සූදානම් වෙමින් තිබ්බේ කිරිබතක් හදන්න.

සුදු බේබි අවුරුදු ගානකට පස්සේ උපන්දිනයකට වලව්වෙ ඉන්න පලවෙනි වතාව මේක නිසා මහා මුදියන්සේයි ලොකු මැණිකේයි කලින්ම තීරණය කරලා තිබ්බේ උදේම පන්සලට හීල් දානෙ දීලා අවසන් වුණාට පස්සේ වලව්ව ඇතුලේ හැදෙන කිරිබත වලව්වේ කුලවත් උදවියට වගේම වලව්වෙ සේවය කරන සේවකයන්ට ලබා දීලාම රස විඳින්නයි.මේ වෙද්දි දානෙ පන්සලට ලබා දීපු මහා මුදියන්සේ,ලොකු මැණිකේ,සුදු බේබි වගේම අත් උදව්වට ගියපු මැනුවෙලුත් වලව්වට ඇවිල්ලා හිටියා.

මේ වෙද්දිත් ළිපේ තැම්බෙන සුදු කැකුළු බත් එකට එක්කාසු කරන්න ඕනේ පොල්කිරි එකට දඩි බිඩි ගාලා පොල් ගගා හිටියෙ නේත්‍ර.හිරමනේ උඩ ඉදගෙන චූටි කකුල් දෙකත් දෙපැත්තට දාගෙන හරි හරියට ඒ චූටි අත්වලින් ගාන තුන්වෙනි පොල් ගෙඩිය මේ වෙද්දි නේත්‍රගේ අතේ තිබ්බා.නේත්‍ර කලින් ගාලා දුන්නු පොල් වලින් ගන්න පුළුවන් උනු කිරි ප්‍රමාණෙ කිරිබතට සෑහෙන්නෙ නැති වගක් දැනුණු නිසා නිර්මලා කරපු අණකට අනුව නේත්‍ර නිර්මලාට අවශ්‍ය සේවාව සපයන ගමන් හිටියා.මේ වෙද්දිත් පොල් ගාපු ගෑමටමචූට්ටං සුදු පාට අත් රතු වී ගෙන ආවත් නේත්‍ර සතුටින් තමන්ගේ වැඩේ කරගෙන ගියා.මොකද ඉතින් මේ කිරිබත හැදෙන්නේ නේත්‍රගෙ සුදුබේබි වෙනුවෙන් නේ.

පැය භාගයක් විතර ගත වෙද්දී වලව් කුස්සියේ පිටුපස ගඩොල් ගෙඩි කිහිපයක් තියලා සකසලා තිබුණු ලිප උඩ සුදුබේබිගෙ උපන්දින කිරිබත ඉදෙමින් තිබුනා.කිරිබත කූරු ගාපු පත්තෙම රැඳිලා තිබුන කිරිබත් ස්වල්පයක් දිවේ ගාගෙන ඒ වගේ ලුණු රස,කිරි රස බලපු නිර්මලා පදම හරි ගාණට ඇවිත් කියලා තේරුණු නිසා කටේ රැදිලා තිබුණු කිරිබත තූ දැම්මා.

ඒක වලව් සේවකයන්ගේ සිරිතක් වුණා.තමන්ගේ හාම්පුතුන්ට දෙන කෑම වේල නොඉඳුල් එකක්ම විය යුතුයි යන්න අතීතයේ ඉඳලා ඔවුනොවුන් අතර පැවත ආ නියමයක් වුණා.රසපදම බලන්නට හෝ දිව ගා බලන ආහාරය උගුරෙන් පහලට රැගෙන නොයා ඒවා ඉවතට තූ දමා කට සෝදා ගැනීම මේ පහත් කුලවල මිනිසුන්ගේ සිරිතක් වූවා.

නිවාලන්න මා... (Taekook nonfic)Where stories live. Discover now