දෙවන කොටස

654 95 16
                                    

"මියුරු ගොඩක් ආසයි වගේ පිට්ටු කන්න"

ඊයේ හවස සතීෂ අයියට එන්න බැරි වුන නිසා අද උදෙන්ම සතීෂ අයියා රේණු නැන්දා හැදුවා කියලා කිරි හොදි එක්ක පිට්ටු අරන් ආවා...ඉස්සර පිට්ටු කියන්නෙ මට පේන්න බැරි කෑමක් වෙනකොට දැන් දැන් පිට්ටු කිව්වමත් බඩ පිරෙනවා...

"ඉස්සර කැමති නැති වුනාට දැන් හෙන ආස හිතෙනවා අයියෙ" මම පිට්ටු කටක් සීනි එක මුහු කරලා කටට ඔබා ගත්තා...කිරි හොදි එක්ක ගෙනාවත් කිරි හොදි මට අප්පිරියයි වගේ නිසා මම සීනි එක්ක කන්න ගත්තා...දැන් මේ සීනි එක්ක කෑවා වගේ නෙමෙයි උදේ තේ බීව නිසා සීනි ඉවරයි හවසට නැ...

"හරි හරි උඹ කාපන්කෝ උඹට තව ආස හිතෙන දෙයක් තියෙනම් මට කියහන් හන්ගන් ඉන්නෙ නැතුව"

ආස කරන දේවල්නම් දැන් එමටයි...එහෙමයි කියලා පිට කෙනෙක්ට මගේ අවශ්‍යතා සපුරන්න කියලා ඉල්ලන්න බෑනේ...ඒකමයි මම කොච්චර ඇහුවත් සතීෂ අයියට තියා නයනා නැන්දටවත් ඒ දේවල් නොකියන්නෙ...

"එහෙනම් මම දැන් යන්නම් මියුරු,පරිස්සමින් හිටපන් මම හවස් වෙන්න එන්නම්" බිම වාඩි වෙලා පිට්ටු කකා හිටපු මගේ ලගට ඇවිත් සතීෂ අයියා මගේ ඔලුව අතගෑවා...ඇත්තටම සතීෂ අයියා හොඳ සහෝදරයෙක්...මගේම නොවුනත් මට ඒක හොඳ හැටි දැනෙනවා...

මගේ ඔලුව අතගාලා තව දෙන්න තියෙන හැම අවවාදයක්ම දීලා අයියා ගියා...වැඩට යන්න තියෙනවනේ...පැයක් විතර වෙනවා ඇවිත්ම...

මාත් තව විනාඩි පහලොවක් විතර ගෙවලා පිට්ටු ටික කාලා ඉවර කරා...ඉවරයක් කරලා මම ලෑස්ති වුනේ ඉක්මනට වැඩට යන්න...වැඩට යනවා කිව්වට මහලොකු රස්සාවක් කරන එකෙක් නෙමෙයි මම...ගාල්ල බස්ස්ටෑන්ඩ් එක හරියෙ රටකජු විකුණනවා...ඒකෙන් ලැබෙන ආදායම මදි වුනත් මොනවා කරන්නද...අම්මා කලින් රස්සාව කරේ බස්ස්ටෑන්ඩ් එක උඩ කෑම කඩේක...මම එතනට ගියත් උන් මම ඉන්න තත්වෙත් එක්ක මට රස්සාව දෙන්න බැ කිව්වෙ මගේ වගකීමක් ගන්න බැරි නිසයි...අනේ උන් මොකටද ගන්නෙ මගේ වගකීම...කොහෙවත් නැති කුම්මැහියො...

වෙන කරන්න දෙයක් නැතිම තැන මම රටකජු විකුනන්න පටන් ගත්තෙ...ස්ටෑන්ඩ් එක පිටිපස්සෙ සංඝාරාමෙට හැරෙන්න තියෙන අතුරු පාර මුලම මම කුඩයක් අටවන් මේස කෑල්ලකුත් තියන් පුටු කෑල්ලකුත් තව ඕන කරන ඒවත් එක්ක වැඩ පටන් ගත්තා...

දුරුතු සඳ Where stories live. Discover now