දහතුන්වන කොටස

417 81 51
                                    

"ඔයා මොකක්ද කරන්න හදන්නෙ?මාව අතාරින්න සීනු!!"

ලව(ර්) එක ඇතුලෙ හිටපු මාව සීනු එලියට එක්ක ආවෙ මගේ අතින් තදින් අල්ලගෙන...කඩේ අයටත් ඒ ගැන ගානක් උනේ නැත්තෙ ඒ මිනිස්සු හිතන්න ඇති අපි අඳුරන අය කියලා මොකද ඉතින් මෙයා මගේ නමින්ම මට කතා කරානෙ...

සීනු කියන්නෙ වැඩි වයසක් ඇති කෙනෙක් නෙමෙයි ඕනනම් තිස් පහක් හයක් විතර ඇති...සීනු ලස්සනයි...දෙමල උනාට කිසිම දෙමල පෙනුමක් පේන්න තිබ්බෙ නැහැ ඒ තරම් ලස්සනයි වගේම සරාගී...ඒත් කිසිම වැඩකට නැති ගෑනියෙක්...කරන රස්සාව එක්ක සමහර මිනිස්සුන්ට මෙයාව​ පේන්න බැ...එක්කො ඒක කරන්නෙ අසරණකමට සල්ලි නැතුවනම් මිනිස්සු මෙයාට අනුකම්පා කරන්න තිබ්බා ඒත් මෙයා ඒ රස්සාව කරන්නෙ මෙයාගෙ තියෙන අමාරුවට...ඒක ඉතින් මේ මුලු ගාල්ලම දන්නවා...

ඉස්සර ඉස්කෝලෙ යද්දි එද්දි නිතරම වගේ මට මෙයාව බෝගහ ලඟදි හම්බවෙනවා...එතකොටත් මහ අමුතු විදියට මගේ දිහා බලන් ඉන්නවා...මම දන්නවා මෙයාට මොනවද ඕන කියලා...වෙන මුකුත් නෙමෙයි මෙයාගෙ තැන වැඩට ගන්න තමයි ඔය මගේ පස්​සෙ කැරකෙන්නෙ...එක දවසක් කිසිම ලැජ්ජාවක් නැතුව අපේ අම්මටම ඇවිත් කියලා තිබුනා මාව එතන වැඩට එවන්න හොදට හම්බකරගන්න පුළුවන් කියලා ඒක අහපුවම අම්මට කේන්ති ගිහින් ඒකිට ගැහුවත් එක්ක...එදායින් පස්සෙ සීනු මගේ ඇස් ඉස්සරහට ආවෙ නැ මේ තමයි එදායින් පස්සෙ මට මෙයාව මුනගැහෙන පලවෙනි වතාව...

"කටවහන් ඉන්නවා පොඩි එකෝ"

"මගේ අත අතඅරින්න!"

ඇත්තමයි ඇයි මේ ගෑනි මේ වගේ කිසිම කමකට නැති විදියට හැසිරෙන්නෙ...

"තමුසෙට මොනවද ඕන සීනු?"

"හහ් ඒක ඔහේ නෙමෙයි මමයි අහන්න ඕන හරිනම්...මම දන්නවා උබ දරුවෙකුත් එක්ක අසරණ වෙලා ඉන්නෙ කියලා ඉතින් ඇයි උබට බැරි මගේ තැන වැඩට එන්න ම්ම් අනික බන් උබට දරුවො දුන්න එකාට වඩා ලොකු එව්වා තියෙන උන් එනවා මගේ පොට් එකට උනුත් ලොකු ලොකු මහත්තුරු"

සීනු කියන දේවල් මම බොහොම ඉවසීමෙන් අහන් හිටියත් එයා ගැන ඒ කිව්ව කැත කතාවට මට ඇත්තටම කේන්ති ගියා...

දුරුතු සඳ Tempat cerita menjadi hidup. Temukan sekarang