විසිපස්වන කොටස

375 75 29
                                    

"මෙන්න මහත්තයා තේ එක"

"ම්ම් තැන්කිව් නෙතූ"

අදත් මහත්තයා අපේ ගෙදර ආවා...අද උදෙන්ම නැතුව හවස තමයි ආවෙ...

"නෙතූ වාඩිවෙන්න මෙතනින්"

මහත්තයා වාඩි වෙලා ඉන්න බංකුව එහා පැත්ත මට පෙන්නලා මහත්තයා මට කිව්වා වාඩි වෙන්න කියලා...මාත් ඉතින් ටිකක් එහාට වෙන්න වාඩි වුනා...

වාඩි වුනා වාඩි වුනාමයි ඉතින් මහත්තයා ඔහේ තේ එක බොන ගමන් අහස දිහා බලාගෙන ඉන්නවා...මාත් ඉතින් මහත්තයා දිහා බලලා අහස දිහා බලාගත්තා...මහත්තයා ආපු ගමන් මාත් එක්ක කතා කරන්න ඕන කියලත් කිව්වා...ඒ නිසාමයි එයා තේ එකක් හදාගෙන එන්න කියලා එලියට ගියෙත්...

"මහත්තයා"

මම තවත් බලන් ඉදලා බැරිම තැන මහත්තයට කතා කරා...

"ම්ම්"

"කතා කරන්න ඕන කිව්වා නේද?"

"හ්ම්ම් ඔව්"

"ඉතින් කියන්න"

ආයෙත් මෙයාගෙන් සද්දයක් නැ...ඇයි දන්නෙ නැ වෙනදා ආපු ගමන් මාත් එක්ක කතා කරනවා නැත්නම් දුව එක්ක කෝලම් කර කර ඉන්නවා ඒත් අද මහත්තයා නිහඬයි...

"නෙතූට මම කියන දේවල් බර වැඩි වෙයිද දන්නෙත් නැ"

"ඒකට කමක් නැ මහත්තයා...මහත්තයා කියන්න හිර කරන් ඉන්නෙපා"

මගේ පණ්ඩිත කතා වලට මහත්තයට හිනා...

"ම්ම් නෙතූට අහන්න ඉන්න පුළුවන්නම් මටත් කියන්න පුළුවන්"

"ම්ම්ම්"

මාත් හිනා වෙලා ඔලුව වැනුවා...එයා ප්‍රශ්නෙකනම් ඉන්නෙ මම එයාට ඇහුම්කන් දෙන්න ඕනනෙ...අනික කලින් ඉදන්ම මට තේරුනා මහත්තයා මොනවම හරි ප්‍රශ්නෙකින් ඉන්නෙ කියලා...

"නෙතූ දන්නවනේ මගේ කසාදෙ ගැන ඇත්තම කිව්වොත් ඒක මගේ කැමැත්තට වුන.දෙයක් නෙවෙයි"

මගේ ඇස් ලොකු වුනා...මම හිතුවෙ මහත්තයයි නෝරා නෝනයි ආදරේ කරලා කසාද බැඳලා දැන් ටිකක් ප්‍රශ්න ඇති වෙලා කියලා විතරයි...එත​කොට මේ කසාදෙ මහත්තයගේ කැමැත්තකින් ඇති වුන එකක් නෙමෙයිද...

දුරුතු සඳ Where stories live. Discover now