විසිඅටවන කොටස

358 69 32
                                    

කලින් චැප්ටර් එක කියවලා එන්න!

______________________________________

"මට දුවව ඕන!"

මම දන්නෙ නැ මට මොකක් වුනාද කියලා...මගේ ඔලුවට හෙන ගැහුවා වගේ...මගේ ඇස් පුදුමෙන් ලොකු වුනා...

විදුරංග

මේ ඔයාමද?

කොහොමද ඔයා එහෙම මගෙන් දරුවව ඉල්ලන්නෙ?

නැ මේ ඔයා නෙවෙයි විදුරංග...

මම පන වගේ ආද​රේ කරපු...මගේ ලගම ඉදන් මාව ආරක්ෂා කරපු...නැ මේ ඔයා නෙමෙයි...මට විශ්වාස කරන්න අමාරුයි විදුරංග මේ ඔයා කියලා...ඇයි එයාට හිතන්න බැරි මම මේ දරුවො දෙන්නා මාස නවයක් රැකගන්න මේ ලෝකෙට බිහි කරන්න මොන තරම් දුකක් වින්දද කියලා...බැරිම තැන අසරණකමේ අන්තිම අඩියටම වැටුන නිසයි මම මගේ පුතාව වෙන පවුලකට හදාගන්න දුන්නෙ...

ඒත්...

මගේ දරුවන්ගෙ තාත්තම දැන් හරිම අසාධාරණ විදියට හැසිරෙනවා...ඇයි දෙවියනේ මේ තරම් දුකක් දෙන්නෙ...විදූෂ මහත්තයට ආදරේ කරන්න ගත්ත ගමන් මගේ ඒ හැම හීනයක්ම බොඳ වෙලාම ගියාම ඇයි දෙවියනේ මෙයත්...

මට බැ...මට තවත් අල්ලගෙන ඉන්න බැහැ...මට මැරෙන්න හිතෙනවා දෙවියනේ...අම්මා අනේ අම්මෙ මාව එක්කො අම්මා ගාවට ගන්න අම්මෙ...

තවත් දරාගන්න බැරිම තැන මගේ ඇස් වලින් කඳුලු ගලාගෙන ගියා...මම හිමින් සැරේ විදුරංග ලගට ගියා...

" මොකක්ද ඔයා කියන්නෙ මේ විදුරංග?"

මම හරිම හිමින් ඇහුවා...මට පණ නැ...කතා කරගන්න තියා කෙලින් ඉන්නවත් මට පණක් නැ...ඒත් මම අල්ලගෙන හිටියා...මට දැනගන්න ඕන එයා එක විනාඩියක් හරි මට ආදරේ කරේ නැත්ද කියලා...

"ඇහුන දේ තමයි මියුරු...එතනින් එහාට වෙන මුකුත් නැ!"

"නැ නැ විදුරංග ඔයාට බැ මෙහෙම කරන්න"

"මට ඒවගෙන් වැඩක් නැ මියුරු...මට මගේ ලමයි ඕන ඒ මගේ ලේ...ඔයා එයාලට මගේ නම දුන්නෙ නැති වුනාට ඔයා හොදටම දන්නවනේ ඒ ලමයින්ට මටත් අයිතියක් තියෙනවා කියලා"

"අනික බය වෙන්න එපා මම ඉක්මනටම අරූගෙ ලග ඉන්න මගේ පුතාවත් ගන්නවා!"

දුරුතු සඳ Where stories live. Discover now