දාහතරවන කොටස

386 81 47
                                    

මාසයකට පමණ පසු~

එදා සිද්දිය වෙලා මාසයක් විතර ගෙවිලා ගිහින් තිබුනා...එදා උන දේවල් මම තාමත් කල්පනා කරනවා...මම එදා හරිම වෙලාවට එතනට නොගියනම් මටවත් හිතාගන්න බැ නෙතුසිහිනට මොනවයින් මොනවා වෙයිද කියලා...එයා එවෙලෙ එහෙම තීරනයක් ගත්තෙ ඇයි කියලා මම දන්නවා...එයා අසරණයි...මම දන්නෙ නැ මට ඒ සිද්දිය කොච්චර අමතක කරන්න ඕන උනත් කරන්න බැහැ මට බයයි ආයෙ ආයෙත් ඒ දේම වෙයි කියලා මට බයයි...මට පුළුවන් උනානම් හැමවෙලාවෙම එයාගෙ ලගින්ම ඉදන් එයාව බලාගන්න මම ඒක කරනවා ඒත් දැන් මට ඒ දේවල් කරන්න පුළුවන්කමක් නැහැ...

මම දැන් පරක්කු වැඩි ඇති...

ඇයි මට එයාව හැමදේකටම කලින් මුනගැහුනෙ නැත්තෙ?එහෙම උනානම් මොන බාදක ආවත් මම එයාව මගේ තුරුලෙ තියාගෙන ආරක්ෂා කරනවා...

මට එයා ගැන අනුකම්පාවක් දැනෙන්නෙ නැ ඒත් මට එයා ගැන දුකයි...නෙතුසිහින කියන්නෙ මේ වගේ දුක් විදින්න ඕන කෙනෙක් නෙමෙයි...

එදා එයාගෙ ඇස් වලින් වැටෙන කඳුලු දැක්කම මගේ පපුව බර වෙලා ගියා...නෝරාගෙ අතින් පුතාව තියනකො​ට ඒ ඇස් කිව්වෙම අනේ මගේ පුතාව මට දීලා යන්න කියලා...මම පසුතැවුනා පුතාව ආයෙමත් එයාගෙ ඇස් ඉස්සරහට ගෙනාපු එකට ඒත් එයා අනිත් පැත්තෙන් පුංචි පැටියා දැක්කම සතුටු උනා...ඒ ඇස් වල තියෙන වේදනාව පහුකරගෙන සතුට කියන දේ දිලිසුනා...ඉතින් පසුතැන් වෙනවට වඩා හොදයි සතුටු වෙන එක...

"මැණික කාලා ඉවරද?"

මම ඇහුවෙ කෑම පිඟානත් අතේ තියන් කාමරෙන් එලියට ආපු නෙතුසිහිනගෙන්...පුතා එක්ක ඇවිත් සති දෙකකට විත​ර පස්සෙයි මම ආයෙමත් මෙහේ ආවෙ...

"ඔව් මහත්තයා කවලා නිදි කෙරෙව්වා"

"අහ් එහෙනම් කමක් නැ කොහොමත් ඇඟ සෝදලනේ තියෙන්නෙ"

"ම්ම්,මේ මහත්තයා කනවද?"

"ම්ම් මම තව ටිකකින් කන්නම් නෙතුසිහින,ඔයා කන්න"

"එහෙනම් මාත් මහත්තයා එක්කම කනවා"

එයා එහෙම කියලා හිනා වෙලා කුස්සිය පැත්තට ගියා...ඇත්තමයි මම හරි ආසයි මේ හැඟීමට...එයා මගේ දිහා බලලා හිනා වෙනකොට මගේ පපුව ගැහෙන හැඟීමට...ආහ් තමුසෙ මොකක්ද මට මේ කරේ නෙතුසිහින...

දුරුතු සඳ Where stories live. Discover now