හතරවන කොටස

451 72 29
                                    

'නමෝතස්ස භගවතෝ අරහථෝ සම්මා සම්බුද්ධස්ස...

අපි හිටියෙ පන්සලේ...අද සතීෂ අයියගේ විනුර ආව නිසා අපි හවස් වෙන්න කච්චුවත්ත පන්සලට ආවා...ඇත්තටම හරිම සැනසීමයි...ගොඩවුන ගමන්ම මගේ කන් වලට ඇහුනෙ තැන් තැන් වල ඉන්න මිනිස්සුන්ගේ ගාථා කියන හඬ...අහන් ඉන්නත් ආසයි...පන්සලට ආවෙ ගොඩක් කාලෙකින්...අන්තිමටම පන්සලකට ගියේ අම්මගේ තුන්මාසෙ පිරුණ දවස් වල...ඒකත් මේ පන්සලට නෙමෙයි කොටුව පන්සලට...

කච්චුවත්ත පන්සල හරිම ලස්සනයි...මේ පන්සලේ හරිම නම කච්චිවත්ත...අපි කට පුරුද්දට කච්චුවත්ත කිව්වට...මේ පන්සලේ ගොඩක් සෙනඟ ගැවසෙනවා...ඒත් සතියේ දවසක අවේලාවෙ වගේ ආව නිසා මිනිස්සු ගොඩක් දුරට අඩුයි...ඒකත් මට එක අතකට සැනසීමක්...

"මියුරු අපි මල් හදමු"

පන්සලේ වටපි​ට බල බල හිටපු මම ගැස්සුනේ විනුර අයියගේ හඬට...විනුර අයියා කිව්වා අද මම සුදු ඇඳලා නිසා වෙනදට වඩා ගොඩක් ලස්සනයි වගේම පිං පාටයි කියලා...ඇත්තටම මම එහෙමද?

මම හිටියෙ කලු කකුල් ලොකු දිග කලිසමකට සුදු අත්දිග කමිසයක් ඇඳලා...

මම හිටියෙ කලු කකුල් ලොකු දිග කලිසමකට සුදු අත්දිග කමිසයක් ඇඳලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"සුදු මල් ගොඩක් තියෙන නිසා වට්ටි දෙකකට වගේ හදන්න පුළුවන්"

සතීෂ අයියා මල් වට්ටි දෙකක් සෝදලා ගෙනත් බැම්ම උඩින් තිබ්බා...අද බැම්මයි බිමයි සෝදන්න දෙයක් නැ කලින් ආව අය ඒවා කරලා තිබුනෙ...

මමයි විනුර අයියයි මල් හැදුවා...මම හරිම ආසයි මල් වට්ටි හදන්න...ඉස්සර අම්මා එක්ක ආවම මම තමයි මල් වට්ටි හදන්නෙ...අම්මා කියලා තියෙනවා මම පොඩි කාලෙ අනිත් අයගේ මල් අරගෙනත් වට්ටි හදනවලු...මල් වට්ටියක් හදනවා කියන්නෙ හිතට ලොකු සැනසිමක්...ඒක දිහා බලාගෙනම ඒකෙම සිහියෙන් කරනකො​ට නිකන් අපි වෙනම ලෝකෙක ජීවත් වෙනවා වගේ කියලා දැනෙනවා...

දුරුතු සඳ Where stories live. Discover now