විසිහයවන කොටස

352 74 65
                                    

අද අවුරුදු...මේ පැත්තෙ හැමෝටම ඉතින් අවුරුදු ජයයි...හැමෝම මොන තරම් දේවල් කරාද...සමහරු නෑගම් දැන්මම ඇව්ත් එකට අවුරුදු සමරනවා...ඉතින් උන් උන් සතුටින්...

මමත් ඉතින් ලෑස්ති වුනා...කැවිලි හදන්න වුවමනාවක් තිබුනෙ නැතත් මේ සැරේ මගෙ පවුලට අලුත් සාමාජිකයො එකතු වුන නිසාම මට හිතුනා මොනවා හරි කරන්න...මහත්තයා මම එපා කියද්දිම මාව ඇදුම් ගන්න එක්ක ගියා...මටත් ඇදුම් ජාති කීපයක්ම අරන් දුන්නා...දෝනිටත් ඔය අරන් දුන්නෙ ගවුම් ගොඩක්...

අවුරුද්ද ලබන නිසාම මගෙ ගාවත් සල්ලි ඉතුරු කරපුවා ටිකක් තිබුනා...ඒකෙන් මම දෝනිට ගවුමක් මහන්න රෙදි කෑල්ලක් ගත්තා...තව ගෙදරට ඕන කරන පොඩි පොඩි බඩු මුට්ටු ටිකක් ගත්තා...

අවුරුදු සමරන්න ඇත්තටම මට ඕන වුනේ නැ...අම්මා නැතුව ලමයෙක්ට මොන අවුරුදුද...ඉස්සර අම්මා ඉද්දි කැවිලි හරි රසට හදනවා...කිරිබත්ද කෙසෙල්ද හැමදේම හරි ලස්සනට ලෑස්ති කරනවා...පොඩි ගේ කෑල්ල වුනත් හරිම පිලිවෙලට අස්පස් කරනවා...ඉතින් අම්මා ඉන්න දවස් වල තමයි මම අවුරුදු සැමරුවෙ...මට අවුරුදු තිබුනෙ...

කැවුම් මුංකැරලි අරවා මේවා ලොකු ලොකු කැවිලිනම් හදන්න දන්නෙ නැ කොකිස් තමයි දන්නෙ...ඉතින් කැවිලි මේසෙට තියන්න ඕන නිසාම මම කොකිස් ටිකක් හැදුවා...අනික ඉතින් මමත් හරි ආසයිනෙ කොකිස් කන්න...අවුරුදු සමරන්නෙ නැ කියලා හිතාගෙන හිටිය මට අලුත් සමාජිකයො නිසාම අවුරුදු සමරන්න කියලා කිව්වෙ රේණු නැන්දා...සතීෂ අයියා නැතුව මොන අවුරුදුද...

විනුර අයියත් උදේ කෝල් කරා...එයා ඉතින් වෙනදා වගේම සමාන්‍ය විදියට වැඩ ටික කරගෙන ඉන්නවා...

"මම්මා මම්මා"

"ඕ ඕ මගෙ මැණික"

"මම්මා"

"අනේ බලන්න මගෙ වස්තුවගෙ ලස්සන"

මගේ අත් වලින්ම හැඩවුනු රෝස පාට මල් වැටුන ගවුම් පොඩ්ඩට කෙල්ල හරිම ලස්සනයි...ලෝබෙ බැ...අනේ ඉතින් මගෙ මැණිකනේ...දැන් ඉතින් බඩු අල්ලන් හිමි හිමින් ඇවිදින්න පුළුවන් නිසා අහේට මෙහේට යනවා මම්මා ගගා...

දුරුතු සඳ Where stories live. Discover now