පහලොස්වන කොටස

423 88 72
                                    

"විදූෂ"

මම හිටියෙ බැල්කනි එකට වෙලා ඈත බලාගෙන තේ බොනගමන්...ඒත් මම මගේ ඇස් ඈත අහසින් අහකට ගත්තෙ නෝරා ඇවිත් මට කතා කර නිසා...එයා කතා කරත් මම කිසිම සද්දයක් නැතුව මගේ ඇස් ආයෙම අහස දිහාවට යොමු කරා...තේ එකක් බොන ගමන් අහස දිහා බලාගෙන ඉන්නවා කියන්නෙ වෙනමම හැඟීමක්...ඉතින් මාත් ඒ හැඟීමට ආස කරා...

"ම්ම් ඇයි නෝරා?"

මගෙන් ප්‍රතිචාරයක් නැති තැනම මගේ එහාපැත්තෙන් හිටගත්ත නෝරා දිහා මම බැලුවෙ ඇයි අහන්න...

"මොනවද කල්පනා කරන්නෙ අහස දිහා බලාගෙන?"

"කල්පනා කරන්න දේවල්ද ඉතින් නැත්තෙ අනික හවස අහස දිහා බලාගෙන ඉන්න මම හරි ආසයි"

මම අහස දිහා බලාගෙනම කිව්වා...එක එක ලස්සන පාට වලින් පාට වෙලා තියෙන අහස කියන්නෙම භාවනාවක්...ඉතින් එහෙම අහසකට හිත ඇදෙන්නත් පිං කරලා තියෙන්න ඕන ඇති...

"කෝ පුතා?"

"නැනී ගාව මම හිතන්නෙ දැන් නිදි"

"ම්ම්"

නෝරා කියපු දේට කෙටි උත්තරයක් දුන්න මම තේ එකෙන් උගුරක් බිව්වා...ම්ම් තේ එකේ නරකක් නැ...මම තමයි ඉතින් හදාගත්තෙ...කොහෙද නැනීට කියන සැරේට මේවා කරන්න බැහැනේ දැන් පුතා බලාගන්න තියෙන නිසා...අනික නෝරත් එක්කො කොහෙට හරි වෙලා ෆෝන් එක ඔබයි නැත්නම් තව මොකක් හරි විකාරයක් කරයි...ඉතින් මම ම තේ එක හැදුවා...ඉතින් ඒකෙ නරකක් නැ රසයි...නැනී හදලා දෙන එක තරම් රසක් නැ ඒත් අවුලක්ම නැ...හැබැයි පොඩි කහට මදි ගතියක් තියෙනවා...අවුලක් නැ දැන් බාගයක්ම බීලා ඉවරනෙ...

ඇහ් මේ මොකද මේ?

මටවත් හිතාගන්න බැරි වුනේ නෝරා එකපාරටම මගේ බඳ වටේ අත් යවලා මගේ නිරුවත් පිටට හේත්තු වුන නිසා...මම කැමති නැහැ මේකට...නෝරා මගේ ලඟට ලං වෙනවටවත් දැන් මම කැමති නැහැ...ඇයි අනේ මම ආස නැ කියලා දැන දැන මෙහෙම හැසිරෙන්නෙ මෙයා...ඔව් ඉතින් සේරම නරි කෝලම් ටික දාලා මාව බැඳගත්තනම් මේකත් බැරි නෑනේ ඒත් එහෙම හිතපු ඔයාටමයි වැරදුනේ නෝරා මොකද මේ විදූෂගෙ ඇඟට ලේසියකට අත තියන්න බැහැ...ඒකත් තමුන්ට...

දුරුතු සඳ Where stories live. Discover now