දොලොස්වන කොටස

398 81 48
                                    

මාස කිහිපයකට පසු~

"මියූ කාලද ඉන්නෙ?"

"ඔව් අයියෙ අයියා එන්න ටිකකට කලිනුයි කාලා ඉවර වුනේ"

"ආහ් එහෙනම් කමක් නැ,දැන් එතකොට මේ අපේ පැටියා කුක්කු බීලද ඉන්නෙ ම්ම්?"

"ඔව් ඔව් දැන් අපේ පැටියා හබුම් කාලා ඉන්නෙ"

"ඕඕ ඒ කියන්නෙ දැන් අපේ කෙල්ල ලොකු බබෙක්නේ~"

දැන් දුවට මාස හතක් වෙනවා...දැන් මගේ කෙල්ල ලොකුයි...මගේ රෝස බෝලෙ...දැන් දැන් දරුවට කිරි වලට අමතරව මත් ගාගත්ත බත් තලප එහෙම කවනවා...සමහර වෙලාවට ඒකටත් මව් කිරි එකතු කරලා එහෙම තමයි කවන්නෙ...ක්ලීනික් ගිය වෙලේ මිසීනම් කිව්වා දැන් මාස හතෙත් මැද වගේ යන නිසා බත් තලපෙට ඇට වර්ග එහෙම එකතු කරගත්තට කමක් නැ කියලා...

දැන් ඉතින් කෙල්ල ලොකුයි කියන්නෙ දැගලිල්ල ටිකක් වැඩියි...කලින්ටත් වඩා දැන් තමයි කෙල්ල ගැන ඇහ ගහගෙනම ඉන්න ඕන කාලෙ...එක දවසකුත් තව ටිකෙන් ඇදෙන් බිම අහෙට මෙහෙට පෙරලිලාම...

හ්ම්ම්ම්...මගේ කොලු පැටියත් දැන් ලොකු ඇති...එදා විදූෂ මහත්තයා ඇවිත් දරුවා එක්කලා එන්නම් කිව්වට අද වෙනකනුත් ආවෙ නැහැ...මම දන්නෙ නැ ඇයි කියලා ඒ මිනිස්සුන්ටත් වැඩ ඇති...පුතා බලන්න ආස උනත් මට ඒක​ට දැන් අයිතියක් නැහැ...

"විනුර අයියෙ බත් ටිකක් කමුද?"

"තව ටිකකින් කමු මියූ"

"ම්ම්ම්"

විනුර අයියට ඔන්න අද තමයි නිවාඩුවක් තියෙන්නෙ ඒක නිසාමයි අද උදෙන්ම මෙහෙ ආවෙ වෙනදා ආවත් ඉතින් වැඩි වෙලා ඉන්න වෙන්නෙ නැහැනේ...

"බාබා බාබා ඩා ඩා"

"ඕඕ මොනවද කියන්නෙ මැනික"

සුදු මැනික විනුර අයියගෙ අතේ ඉදන් හරි හරියට ඇස් කරකව කරකව කතා කරනවා...මෙයාටත් ඉතින් විනුර අයියව දැක්කම වෙන මුකුත් ඕන් නැ...

"බාබා බාබා"

"ඕ බබානෙ ඉතින් මේ"

"මම එහෙනම් අයියට තේ ටිකක් හදන්නම්"

"හා"

දෙන්නා එක්ක කයියක් දාගෙන ඉන්න අතරෙ මම ආවෙ විනුර අයියට තේ ටිකක් හදන්න...කුස්සියට ඇවිත් කේතලේට වතුර එකක් තියලා මම බංකුවෙන් වාඩි වුනා...ඕක උනු වෙන්න ටික වෙලාවක් යයි ඉතින්...

දුරුතු සඳ Where stories live. Discover now