හත්වන කොටස

413 77 37
                                    

Author pov

"ඔ ඔයා මියුරුගේ හොඳම යාලුව ද?"

"ඔව් අයියේ,මම රිසිඳු"

"අ අනේ මල්ලි මට හරි බයයි"

"අයියෙ අයියා බය වෙන්නෙ නැතුව ඉන්නකෝ අපේ මියුරු ගොඩක් ශක්තිමත්"

විනුර වගේම රිසිඳුත් හිටියෙ ඉස්පිරිතාලෙ උපත් ඒකකය(labour room) ඉස්සරහා...හදිසියේම මියුරුට ආපු ප්‍රසූත වේදනාවත් එක්ක රිසිඳු ඉක්මනින්ම වීල් එකකින් මියුරුව ඉස්පිරිතාලෙට අරන් ආවෙ මියුරු හිටියෙ ලොකු වේදනාවකින් නිසා...ඒ එන අතරමගදි මියුරුගේ කටින් පිටවුනේ'වි විනුර අයි-යා,කෝ-ල් කරන-න්න'වෙනකොට රිසිඳු සාක්කුවේ තිබුන මියුරුගේ පෝන් කෑල්ලේ විනුර අයියා කියලා නම සටහන් වෙලා තියෙන නම්බරේට කෝල් කරා...

මියුරුව උපත් ඒකකය ඇතුලට අරගෙන දැනටමත් විනාඩි හතලිස් පහක් විතර ගෙවිලා ගිහින් තිබුනා...ඒ මුලු වෙලාවෙම එලියෙ ඉන්න විනුර වගේම රිසිඳුත් හිටියෙ බයේ ගැහෙමින්...අනික දොස්තරලා හම්බවෙන්න ගිය හැමවෙලාවකම මියුරු ​ගොඩක් පොඩී කියන දේ බර කරලා එයාලා කියලා තිබුනා...

ඒ නිසාම විනුර වුනත් හිටියෙ ගොඩක් බය වෙලා...එයා පුංචි ලමයෙක්...ප්‍රසූත වේදනාව කියන්නෙ ලේසි පහසු වේදනාවක් නොවෙනකොට ඒ අහිංසකයා කොහොම එච්චර ලොකු වේදනාවක් දරාගන්නද යන සිතුවිල්ලම විනුරව අඩපන කරලා තිබුනා...විනුරගෙ හිතට පුංචි හරි සැනසීමක් ගෙනාවෙ සීස සැත්කමක් කරන නිසා...

"එ එයා පුංචි දරුවෙක් මල්ලි ඉතින් එයා කොහොමද තවත් දරුවෝ බිහි කරන්නෙ?එයාට රිදෙනවා ඇති"

විනුරගේ ඇස් වලින් හෝ ගාලා කඳුලු ගලාගෙන ගියා...ඒ ඇතුලෙ ඉදන් වේදනාවන් විඳින්නෙ තමන්ගෙ පුංචි එකා...රිසිඳු වුනත් හිටියෙ බය වෙලා...ඒත් විනුර තමන්ට වඩා වැඩිමල් වුනත් ගොඩක් දුර්වල වෙලා ඉන්න නිසා රිසිඳු උපරිම ශක්තිමත්ව ඉන්න උත්සහා කරා...

'හුවෑහ් හුවෑහ් හුවෑහ්~

බිමට හැරවිලා තිබුන විනුරගේ ඇස් එකපාරටම කාමරය දිහාවට ගමන් කරේ කඳුලු පුරවගෙන...ඇහුන අඬන සද්දෙත් එක්ක ඒ හිත එක මොහොතකට ගැහෙන එක නතර වුනා හා සමාන හැඟීමක් විනුරට දැනුනා...මෙච්චර වෙලාවක් කඳුලු නොහලා දරාගෙන හිටිය රිසිඳුගේ ඇස් වලිනුත් මේ මොහොතෙ කඳුලු වැල් කඩා ගෙන හැලුනා...

දුරුතු සඳ On viuen les histories. Descobreix ara