දහනවවන කොටස

387 81 54
                                    

"හ්ම්ම්"

මට දැනෙනවා මම වෙනදටත් වඩා තනි වෙලා කියලා...හීනෙකින්වත් හිතපු දේවල් නෙවෙයි දවස් දෙකකට කලින් සිද්ද වුනේ...අඬන්නද හිනාවෙන්නද කියන්න මටවත් තේරෙන්නෙ නැහැ...ඉස්පිරිතාලෙනේ ටිකට් කපාගෙන ගෙදර ආවත් මට වෙනදටත් වඩා ලොකු පාලුවක් දැනුනා...

එයා මම ඉස්පිරිතාලෙ හිටපු දවසෙ මාව බලන්නවත් ආවෙ නැහැ...අඩුගානේ ගෙදරටවත් එයි කියලා මම බලාගෙන හිටියා...ඒත් මේ වෙනකන්ම එයා ආවෙ නැහැ අඩුගානෙ වෙනදා එන කෝල් එකවත් ආවෙ නැහැ...මම දන්නෙ නැ මහත්තයට මොනවා වෙලාද කියලා...කොහේ හරි ගිහින්ද අනේ මන්දා...එදා දුවව විනුර අයියට දීලා එයා මාව නොබලම යන්න ගිහින් කියලා දැන ගත්තම හේතුවක් නැතුවම මගේ පපුව පිච්චිලා ගියා...

මමවත් දන්නෙ නැ මම එයාගෙන් මොනවද බලාපොරොත්තු වෙන්නෙ කියලා...

"ම්හ්ම්"

"හරි හරි මැනික..."

කිරි බිබී ඉන්න කෙලි පොඩ්ඩව මම තව ටිකක් පපුවට තුරුල් කරගෙන හිස් අහස දිහා බැලුවා...

ඔව්...මියුරු බලාපොරොත්තු වුන දේ සිද්ද වුනා තමයි ඒත්...බලාපොරොත්තු වුන කිසිම හැඟීමක් මට දැනෙන්නෙ නැහැ...එදා එයා මගේ ඇස් ඉස්සරහා හිතුවා වගේම හිටගෙන ඉන්නකොට මම අසරණ වුනා...මාව අරගෙන කොහෙට හරි යන්න කියලා කෑගහන්න ඕන වුනා...ඒත් වෙනදා වගේ නැතුව මට එයාගෙ ලඟින් ලොකු ආගන්තුක බවක් දැනුනා...හරියට පිට අය කියන හැඟීම මට හොදටම දැනුනා...

ඉස්පිරිතාලෙ හිටපු කාමරේට විදූ මාව බලන්න ආවෙ නැහැ...මම දන්නෙ නැ එයාට මට වුන දේට ගානක් නැතුවද නැත්නම් විනුර අයියා එයාට එන්න දුන්නෙ නැත්ද කියලා...මම ඒ කාමරෙන් එලියට එනකොට ආයෙම එයා අතුරුදන් වෙලා හිටියා...දවස් දෙකක් ගෙවිලා ගියත් එයා තියා එයාගෙ හෙවනැල්ලවත් මගේ ඉස්සරහට ආවෙ නැහැ...ඒත් මටවත් හිතාගන්න බැරි විදියට මම එයා ගැන හිතන්නෙ නැතුව විදූෂ මහත්තයා නාවෙ ඇයි කියලා හිතන්න අරන් තිබුනා...

"ම්ම් ගන්නවද නැත්ද?...ඔන්න එක්කො ආයෙ අරන් බලමු"

මම ආයෙමත් මහත්තයගෙ නම්බරේට කෝල් කරා...ම්හුක් තාමත් එහෙමයි රින්ග්ස් යනවා ඒත් ගන්නෙ නැ...එයාට මොනවා වෙලාද?

දුරුතු සඳ Where stories live. Discover now