Chapter 01

580 92 15
                                    

" සුදු පුතා...මට ආයි කියන්න තියන්න එපා...මගෙන් මැරුන් නොකා නැගිටිනවා.."

උදේ පාන්දරම පහල තට්ටුවේ ඉදන් ගිරි යටින් මේ කෑ ගහන්නේ වෙන කවුරුත් නෙමෙයි ඩොක්ටර් ජියෝන්ගේ ආදරණීය බිරිද මිසිස් ජියෝන් සේහි..එතකොට මේ දහවෙනි පාරටත් කෑ ගහලා බනින්නේ එයාගේ එකම නසරානි පුතා ජියෝන් ජන්ග්කුක්ට..

" සුදු පුතා මන් උඩට ආවොත් නම් උබ ඉවරයි හොදේ !! "

සාරි කට්ට ගහගන්න ගමන් එහෙට මෙහෙට දුව දුව වැඩ කරන සේහි අන්තිම රෙඩ් වෝර්නින්ග් එකත් නිකුත් කරත් ජන්ග්කුක් නෙමෙයි නැගිට්ටේ..කේන්තියේ උපරිම සීමාවට ආපු මිසිස් ජියෝන් සාරියත් උස්සන් උඩ තට්ටුවට නැගලා ගිහින් ජන්ග්කුක්ගේ කාමරේට අඩිය තියන්න හදලා ආයි අඩිය උඩට ඉස්සුවේ බිම තිබ්බ දේ දැකලයි..

" ඊයා...මේ තාත්‍තලා පුතාලා ඔක්කොම එකයි..ජොක්කු හැම තැනම !! "

ඇගිලි තුඩුවලින් බිම තිබ්බ ජන්ග්කුක්ගේ යට කලිසම අරන් කිලුටු රෙදි ඩස්බින් එකට දාපු මිසිස් ජියෝන් තැන තැන වැටිලා තියෙන ජන්ග්කුක්ගේ ඇදුම් අහුලන ගමන් ගිහින් පස්සත් උඩ දාගෙන ඉන්න ජන්ග්කුක්ගේ පස්සට හයියෙන් පාරක් ගැහුවේ නිදිමතේ හිටපු ජන්ග්කුක් උඩ ගිහින් ඇහැරෙන විදියටයි..

" ආව් අම්මා..."

" ආව් ?? නැගිටපන් !! පුකට එලිය වැටෙනකම් නිදාගන්නවා...උබ නිසා මටත් පරක්කු වෙනවා..!! "

යාන්තම් ඇස් ඇරලා ඔරලෝසුවේ වෙලාව බලලා ආයි ඇස් පියාගත්ත ජන්ග්කුක් හිමීට කෙදිරිගාලා,

" තව ටිකකින් නැගිටින්නම්.. "

කියලා කිව්වාත් මිසිස් ජියෝන් කර්ට්න් අයින් කරලා ඉර එලිය ජන්ග්කුක්ගේ මූනට වැටෙන විදියටම හැදුවා..

" සුදු පුතා නැගිටපන්...හැබැයි දැන් නැගිට්ටේ නැත්තම් මන් යනවා...නැගිට්ට වෙලේක බස් එකේ එනවා !! අද තාත්තාත් නෑ හරිද පරක්කු උනාම ගෙනත් දාන්න..."

අන්තිම පාරටත් කෑ ගැහුව මිසිස් ජියෝන් පහලට යනකොට අමාරුවෙන් ඇස් ඇරිය ජන්ග්කුක් ඇදෙන් බැස්සා...ගෙදර කාර් එකේ සැපට යන්න තියෙන එකේ තාත්තාත් නැති වෙලේ මොන මගුලකටද ආයි නිකන් බස්වල ගාටන්නේ..ඒකත් උදේ පාන්දර තෙරපි තෙරපි..ඊව්..මිනිස්සුන්ගේ දාඩිය ගදට ජන්ග්කුක් ආසම නෑ..

You Are MY ENEMY || TK Where stories live. Discover now