Chapter 03

368 70 17
                                    

" කුක්කා උබ මේපාර නම් ඉවරයි !!"

බස් හෝල්ට් එකට ඇවිදින ගමන් ජිමින් ජන්ග්කුක්ගේ රිපෝර්ට් එක බල බල කිව්වේ ජන්ග්කුක්ගේ මූන සසර කලරිකිලා වගේ තියෙනකොටයි..

" බලපන් උබේ රිපෝර්ට් එක බැලුවාම තේරෙනවා උබ ආගමට ජාතියට ගරු කරන කෙනෙක් නෙමෙයි කියලා !! "

" ඇයි ?? "

ජන්ග්කුක් ඇහිබම හකුලන් ඇහුවේ ජිමින්ගේ අපබ්‍රංශ තේරුනේ නැති නිසායි.

" ඇයි අහන්නේ යකෝ , උබට english වලට 98 යි සිංහලවලට 28යි බුද්ධාගමට 40යි..බලපන් ජාතියයි ආගමයි දෙකම ලෙප්ට් නේහ් !! "

ජිමින් හිනා වෙවී කියනකොට ජන්ග්කුක් ජිමින්ගේ ඔලුවට පාරක් ගැහුවේ කේන්තියෙන්..ඇයි ඉතින් එයා ඔලුව ගිනි අරන් ඉන්නවා ජිමින් මෙතන පිදුරු දානවනේ..

" ගොන් කතා නොකියා මට කරන්න දෙයක් කියපන් !! අම්මා රිපෝර්ට් එක දැක්කොත් එහෙම මන් ඉවරයි.."

" ඇත්ත !! මේ රිපෝර්ට් එක දැක්කොත් නම් හෙට උබේ මලගමට තමයි අපිට එන්න වෙන්නේ.."

" ආආහ්හ්හ්හ්හ්හ්..!! "

ජන්ග්කුක් කොන්ඩෙන් ඇදගෙන කෑ ගහනකොට වටපිටේ හිටපු ඔක්කොම මිනිස්සු හැරිලා බැලුවේ ජන්ග්කුක් දිහා පිස්සෙක් ගානටයි..

" හරි අපි මෙහෙම කරමු...උබ ගිහින් අම්මාට කියපන් උබ පන්තියෙ තුන්වෙනියා..ඒ නිසා උබේ රිපෝර්ට් එක දුන්නේ නෑ කියලා.."

" මන් කොහෙද යකෝ තුන්වෙනියා උනේ ??"

" හරි ඉතින් උබ පිටිපස්සේ ඉදන් ඉස්සරහට තුන්වෙනියානේ.."

" ජිමින් සීරියස් අරන් කතා කරපන්කෝ..අම්මා දන්නවා මලාට මන් තුන්වෙනියා නම් වෙන්නේ නෑ කියලා..ආහ්හ්හ්හ්හ්....මේ රිපෝර්ට් එක දැක්කොත් නම් අම්මා අනිවාර්යයෙන්ම නිවාඩු කාලේ මගේ ජිවිතේ හිර කූඩුවකට දැම්මා වගේ තියනවා...ආහ්හ්හ්හ්හ්හ්‍ !! "

" උබේ අම්මාට තියෙන්නේ උකුසු ඇස්නේ..ඉතින් කොහොමද බන් බේරෙන්න ක්‍රමයක් හොයාගන්නේ ?? "

" අහ්හ්හ්හ්...මට පිස්සු- "

ජන්ග්කුක් කියන්න ගිය එක නතර උනේ එයාගේ ඇගේ හැප්පීගෙන කොල්ලෙක් දුවපු නිසායි..

You Are MY ENEMY || TK Tempat cerita menjadi hidup. Temukan sekarang