Chapter 04

342 73 16
                                    

" ලේනා ජම්බු ගහේ ආයි නගි ආයි බහි..
ලේනා ජම්බු ගහේ ආයි නගි ආයි බහි..
ලේනා ජම්බු ගහේ ආයි නගි ආයි බහි..
ලේ....නා...ඌ....ලේනා...
ලේනාගෙ අයියා..ටරන් ටරන්..ටරන් ටරන්...ඌ දඩු ලේනා..
ලේ...නගේ අයියා..ඌ....දඩු ලේනා..."

( තනුව : ඇත දිලිසෙන හිරු සදු රන් තරු 😌)

" සුදු පුතා...ඕක ඇතුලේ පැල වෙලාද ?? ඉක්මනට එලියට එනවා..තව ටිකකින් ඔයාගේ ටීචර් එයි.."

" ආවොත් පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න කියන්න අනේහ්..එයා ආවා කියලා භාගෙට නාලා එන්නද ?? "

එලියේ ඉදන් මිසිස් ජියෝන් කෑ ගහන ඒවා සතේට ගනන් නොගත්ත ජන්ග්කුක් ආයි පාරක් ඔලුවේ ශැම්පු ගාගෙන එයාගේ මියුසිකල් ශෝ එක පටන් ගන්නකොට එයාගේ ප්‍රේක්ෂකාගාරය උන සබන් කැටෙයි, ශැම්පු බෝතලේයි, වේශ් වොශ් එකටයි ඇහෙන්න සිංදුව කියනකොට ජන්ග්කුක්ගේ යටිගිරි සද්දෙ දරාගන්න බැරුව හිටිය කැරපොත්තෙක් කොමඩ් එකට පැනලා සියදිවි හානි කරගත්තා..

" අහ් ජෝතිපාල වැල්ලේ රීලා...
කහ පාටට ගුලි ගුලි...ගුලි ගුලි.....
ඔහ් ආයිත් කියන්න...
ජෝතිපාල වැල්ලේ රීලා...
කහ පාටට ගුලි ගුලි...ගුලි ගුලී..."

( තනුව : ජොතිපාලගේ සුසුදු රැල්ල වැල්ලේ පෙරලි ගීතය 😌 )

ඔලුවේ තිබ්බ ශැම්පු ටික සෝදගත්ත ජන්ග්කුක් කෙලින්ම ආවේ එයාගේ මූනට කරන මෝර්නින්ග් ට්‍රීර්මන්ට් ටික කරන්නයි..

" ආහ් මේ තියෙන්නේ මගේ බියුටි කචල් බඩු ටික...කොල්ලෙක් උනාම ලස්සනට හුරුබුහුටියට ඉන්න ඕන...ඔමෝ...බලන්න කොල්ලගේ ලස්සන.."

කන්නාඩියෙන් තමන්ගේ මූනේ හැඩ බලපු ජන්ග්කුක් ක්‍රීම් ගන්න පටන් ගත්තේ තවත් සින්දුවක් ගේ දෙවනත් වෙන්න කියන ගමන්මයි..අමතක කරන්න එපා ජන්ග්කුක් මේ ගාන ක්‍රීම් ටිකත් ඔක්කොම බේබි ප්‍රඩක්ශන්ස් බව..

" ඔකේ ගයිස්..
නව් අයි සින්ගින්ග් අ සෝන්ග්...
සුපර් සෝන්ග්..
දිස් ඊස් මයි බෙස්ටා ජිමින්ස් සෝන්ග්...
.
ටන් ටන් ටන්...ටකර ටකන්..
.
ආදරේට ඌට කිව්වේ කුක්කු බිලිංජා..
කන්න ආස රසම කෑම කපුරු පිපිඤ්ඤ..
පහුගිය සසරේ කලකම් පලදෙන හින්දා..
නැග්ගේ නෑනේ ඌගේ බිජ්- "

You Are MY ENEMY || TK Where stories live. Discover now