Chapter 15

292 55 13
                                    

ජන්ග්කුක්ට ඇක්සිඩන්ට් එකෙන් පස්සේ උන හුගක් දේවල් මතක නෑ කිව්වාට පස්සේ ජන්ග්කුක්ගේ තාත්තා ඇවිල්ලා එක්කන් යනකම්ම ජන්ග්කුක්ට අතීතේ උන දේවල් රදීශා මතක් කරපු එකයි කරේ..සමහර වෙලේට රදීශාගේ ඉවරයක් නැති කියවිල්ල වදයක් උනත් ජන්ග්කුක් එයාට අමතක උන දේවල් ගැන අහන් හිටියේ හරිම ආසාවෙන්..විශේෂයෙන්ම ටේහ්‍යුන්ව වෙන කෙනෙක් ඇල්ලුවාම එයාට ගිහින් ගහලා එනවා වගේ ජන්ග්කුක්ගේ වීරකම් ගැන එයා අහන් හිටියේ හරිම ආඩම්බරකමින්..පොඩි කාලේ ඉදන්ම දක්ෂයා..

" ඒක නෙමෙයි...ඇත්තටම මේ හදිසියේ කොලඹ ආවේ ඇයි ?? "

මිස්ටර් කිම් මෙච්චර වෙලා එයාගේ හිතේ තිබ්බ ප්‍රශ්නේ අහනකොට රදීශා හිනා වෙලා එයාගේ අම්මාගෙයි තාත්‍තගෙයි මූන බැලුවා..

" මට A/L වලට මෙහෙ ඉස්කෝලෙකට scholarship එකක් හම්බුනා අන්කල්...ඒකේ ඉන්ටර්වීව් එක තිබ්බා..ඒකයි ආවේ...එහෙම්ම ඉතින් මෙහෙටත් ආවා.."

රදීශා හිනා වෙලා කියනකොට අනිත් හැමෝමත් හිනා උනත් ජන්ග්කුක්ගේ හිතට දැනුනේ අමුතු බයක්..ජන්ග්කුක් දන්නවා රදීශා කියන්නේ හොද කෙල්ලෙක් කියලා..ඒත් රදීශා ජන්ග්කුක්ට වඩා ටේහ්‍යුන් ගැන දන්නවා..ඒක මේ හිටපු ටිකට ජන්ග්කුක් හොදට තේරුම් ගත්ත දෙයක්.ටේහ්‍යුන් උනත් රදීශා ගැන නොදන්න දෙයක් නෑ...ඉතින් රදීශා කොලඹ ඉස්කෝලෙකට එනවා කියන්නේ ටේහ්‍යුන්ගෙයි රදීශාගෙයි සම්බන්දේ තව වැඩි වෙනවා..

ජන්ග්කුක්ට වඩා රදීශා වැඩිමල් වගේම එයා ටේහ්‍යුන්ට වඩා බාලයි..පුංචි කාලේ ඉදන්ම ටේහ්‍යුන් ටේයොන් දෙන්නාගේ නුවර යාලුවෙක් උන රදීශා ඒ කාලේ ඉදන්ම ඉස්කොලේ නිවාඩුවට කොලඹ ඇවිලල එයාලා එක්ක සෙල්ලම් කරනවා..රදීශාගේ දෙමව්පියෝ ටේහ්‍යුන්ගේ දෙමව්පියෝ එක්ක හුගක් සම්බන්ධයි...ඉතින් රදීශා ඒ නිසාම පුංචි කාලේ ඉදන්ම ටේහ්‍යුන්ට ලැදියි...ටේහ්‍යුන් ගැන නොදන්න දෙයක් නෑ..එයා කන්න කැමති මොනවද, කරන්න කැමති මොනවද වගේ හැම දෙයක් ගැනම දන්නවා..ඉතින් රදීශා කොලඹට එන එකෙන් ඒ දෙන්නා තව ලංවෙන එකට ජන්ග්කුක් පොඩ්ඩක්වත් කැමති උනේ නෑ..

" දැන් දුව A/L කරන්න පටන් අරන් ගොඩක් කල් නේද ?? ඉන්ටර්වීව් පරක්කුයිනේ..."

You Are MY ENEMY || TK Where stories live. Discover now