Chapter 02

376 74 3
                                    

" ලොකූ...ලොකූ නැගිටින්න.."

මුනින් අතට හැරිලා ඔලුව තියෙන කොට්ටෙම අත් දෙකෙන් බදාගෙන ශර්ට් එකක්වත් නැතුව නිදන් ඉන්න ටේහ්‍යුන්ව ඔහුගේ පියා ඇහැරෙව්වේ හරිම පරිස්සමින්..ඒත් මිස්ටර් කිම්ගේ කටහඩ ඇහුන ගමන් ටේහ්‍යුන් ගැස්සිලා ඇහැරුනා..

" අහ්...අප්පච්චි...වෙලාව කීයද ?? "

ඉර එලිය වැටිලා තියෙන අහස දිහා ඇස් පොඩි කරන ගමන් බලන් ටේහ්‍යුන් අහනකොට හිනා උන මිස්ටර් කිම් බිත්‍තියේ එල්ලලා තිබ්බ ඔරලෝසුව බැල්වා..

" තාම 5.30 යි දරුවො.."

වෙලාව කිව්ව ක්ෂණිකයෙන් ටේහ්‍යුන් ඉක්මනට ඇදේ වාඩි උනේ හරිම කලබලෙන්..

" දෙයියනේ මට නින්ද ගිහින් නේහ්..ඉව්වෙත් නෑ මුකුත්..ඊයේ එලිවෙනකම් පාඩම් කරානේ...ඒ නිසා නින්ද ගිහින්..ඉන්න අප්පච්චි මන් මොනවා හරි ඉක්මනට හදන්නම්..අප්පච්චි ඔෆිස් යන්න ලෑස්ති වෙන්නකෝ.."

කලබලෙන් කිව්ව ටේහ්‍යුන් ඇදෙන් නැගිටින්න හැදුවත් මිස්ටර් කිම් ඔහුව නැවැත්තුවා.

" මන් කෑම හැදුවා ලොකූ..."

" අප්පච්චි උදෙන්ම නැගිට්ටාද ?? මන් කිව්වානේ අප්පච්චට මහන්සි වෙන්න එපා කියලා..ඊලගට ප්‍රෙශර් වැඩි වෙනවා.."

" හරි හරි පන්ඩිත සීයේ...උයන එක මහ ලොකු මහන්සියක් නෙමෙයිනේ..අනික මගේ ලොකු පුතා මට වඩා කොච්චර මහන්සි වෙනවාද ?? මේ දවස්වල එක්සෑම් නේද ?? ගෙදර ප්‍රශ්න ගැන හිතන්නෙ නැතුව පාඩම් කරන්න.."

" ඒත් අප්පච්චිට සනීප නෑනේ..ඔහොම තනියම වැඩ කරන්න ගිහින් මොනවා හරි උනොත් එහෙම ?? "

" දරුවෝ මේ අප්පච්චිට තාම පන කෙන්ද හයිය තියෙනවා..උබල හතර දෙනාගේ වැඩ කරන්න බැරිකමක් නෑ මට.."

" ඒ උනාට.."

" ලොකු..අප්පච්චි උබව දාලා දැන්ම මැරෙන්නෙ නෑ...බය නොවී ඉදපන්..පොඩ්ඩක් ප්‍රෙශර් තිබ්බාට මන් තාම කොල්ලා හරිද ?? දැන් හිමින් සැරේ ගිහින් මල්ලිලා දෙන්නවයි නංගිවයි ඇහැරවලා ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන්න.."

ටේහ්‍යුන්ගේ ඔලුව ආදරෙන් අතගාපු මිස්ටර් කිම් හිනා වෙලා එලියට ගියේ ටේහ්‍යුන්ගේ හිත උදේ නැගිටින්න බැරි උන එකට කනස්සල්ලක් ඇති කරලයි..මිස්ටර් කිම් හාර්ට් පේශන් කෙනෙක් නිසා ටේහ්‍යුන් එයාට හුගක් මහන්සි වෙන්න දෙන්නේ නෑ..අම්මා නැති ටේහ්‍යුන් උයන්න පුලුවන් කාලෙ ඉදන්ම උදේන්ම නැගිටලා කෑම උයනවා..රෑ වෙනකම් පාඩම් කරන දවසක නින්ද ගියොත් හැරෙන්න ටේහ්‍යුන් තමයි හැමදාම උදේටයි දවල්ටයි කෑම හදන්නේ..මොනවා උනත් ටේහ්‍යුන්ගේ කෑම රසයි..

You Are MY ENEMY || TK Where stories live. Discover now