Chapter 12

380 59 14
                                    


ජන්ග්කුක් බාල වයස්කාරයෙක් නිසා ජන්ග්කුක්ව හිරේ දාන්න බැරි නිසා ජන්ග්කුක්ගේ තාත්තට ජන්ග්කුක්ව බේරගන්න පුලුවන් උනා..කොහොමත් ජන්ග්කුක්ගේ තාත්තා කියන්නේ මිනිස්සු ගරු කරන ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක් නිසාත් ජේහුන්ගේ තාත්තා මේක මීඩියා වලට යන නිසා පොලිසිය සම්බන්ධ කරගන්න අකමැති උන නිසාත් ජන්ග්කුක්ට ලේසියෙන්ම පොලිසියෙන් බේරිලා එන්න පුළුවන් උනා..මග දිගට එනකම්ම ජන්ග්කුක් කිසිම දෙයක් ගැන ජන්ග්කුක්ගේ තාත්තා එක්කවත් කතා කරේ නෑ..පොලිසියේදිවත් ජන්ග්කුක් වචනයක්වත් කතා කරලා නොතිබුන නිසා ජන්ග්කුක්ගේ තාත්තා උනත් මග දිගට උන දේවල් හාර අවුස්ස අවුස්ස අහන්න ගියේ නෑ..

💥💥 චටාස්

" අ..අම්මා..."

" සේහි !! "

ජන්ග්කුක් තාත්තා එක්ක ගෙදර එනකොට ජන්ග්කුක්ගේ තාත්තා කලින්ම අම්මට ඔක්කොම දේවල් කියලා තිබ්බ නිසා ගෙදර ආපු ගමන්ම ජන්ග්කුක්ට අම්මගෙන් ලැබුනේ ලොකු කනේ පාරක්..වැදුන පාර කොච්චර සැරද කියනවා නම් ජන්ග්කුක්ගේ රෝස කම්මුල්වල අම්මගේ ඇගිලි පහම හිටලා තියෙනකොට ජන්ග්කුක්ගේ ඇස්වලින් කදුලු බේරුනා..

" හරි ලස්සනයි ජන්ග්කුක් කරන වැඩ...උබ පොලිසියට විතරයි ගියේ නැත්තේ !! අද ඒකත් කරා..උබව හදපු මට මිනිස්සු දොස් කියනවා ඇති ජන්ග්කුක් !! ලමයි දහස් ගානක් හදන මට තමන්ගේ ලමයා හදාගන්න බෑ කියලා මිනිස්සු දොස් කියනවා ඇති...!! "

ගෙදර ඇතුලු උන ගමන් ලැබුන කම්මුල්පාර එක්ක අම්මා එක දිගට අඩ අඩ බනිනකොට ජන්ග්කුක්ගේ ඇස්වලින් එක දිගට කදුලු බේරුනා..ජන්ග්කුක් කරන දගවැඩ වලට අම්මා බැනලා තිබ්බට පොඩ්ඩක් ගැහුවට කවදාවත්ම ජන්ග්කුක්ගේ අම්මා එයාට මෙච්චර රිදෙන්න ගහලා නෑ..උදේ ඉදන් උන දේවල් එක්ක අම්මාගේ කම්මුල්පාර මූනට වඩා රිදුනේ ජන්ග්කුක්ගේ හිතට..එයා බලාපොරොත්තු උනේ අම්මා එයාව තුරුල් කරගෙන එයාට ඇති තරම් අඩන්න අම්මගේ තුරුල දෙයි කියලා උනත් සිද්ද උනේ ඒ දේ නෙමෙයි..

" දැන් ඇති සේහි !! "

" ඔයත් කටවහගන්න හන්සුක් !! මෙයාව හදන්න දෙන්නේ නැත්තේ ඔයා තමයි...අද හැදුවේ නැත්තම් ඊලගපාර මේකා මිනිහෙක් මරලයි ගෙදරට එන්නේ !! "

You Are MY ENEMY || TK Where stories live. Discover now