chapter 05

403 71 16
                                    

ටේහ්‍යුන් ජන්ග්කුක්ට ක්ලාස් කරන්න අරන් අදට සති දෙකක් විතර වෙනවා වගේම පාඩම් වැඩක් හැරෙන්න ජන්ග්කුක් ටේහ්‍යුන් අතර කිසිම සම්බන්ධතාවයක් තිබ්බේ නෑ..ඒකට ලොකුම හේතුව ඉතින් ජන්ග්කුක්ගේ ලොකුකම..ටේහ්‍යුන් සති අන්තිමට දුන්න එක්සෑම් එකෙන් ටේහ්‍යුන් හිතුවට වඩා ජන්ග්කුක් ලකුණු අරන් තිබ්බ නිසා ජන්ග්කුක්ගේ අම්මා එයාට ක්‍රිකට් ප්‍රැක්ටිස් යන්න දුන්නා..ටේහ්‍යුන් නිසාම ජන්ග්කුක්ට ආයි ප්‍රැක්ටිස් පුලුවන් උනත් ජන්ග්කුක්ට උගන්නන්නේ ටේහ්‍යුන් කියලා ජන්ග්කුක් වැරදිලාවත් කාටවත්ම කිව්වේ නෑ..ඒ නිසා ඉස්සර තරම් ටේහ්‍යුන් ගැන ජන්ග්කුක්ට තරහක් තිබ්බේ නැතත් ජන්ග්කුක් ඒක යාලුවන් ඉස්සරහ පෙන්නන්න ගියේ නෑ..

🐯 හය බෙදීම තුන කීයද ජන්ග්කුක් ??

ජන්ග්කුක් හදපු ගානක් බලන ගමන් හිටිය ටේහ්‍යුන් ජන්ග්කුක්ගෙන් අහනකොට මෙච්චර වෙලා ටේහ්‍යුන්ගේ මූනේ තියෙන බර්ත්මාර්ක් ගනන් කර කර හිටිය ජන්ග්කුක් උඩ ගියා..

🐰 පහයි...ආහ් නෑ හතරයි..අහ් නෑ නෑ තුනයි..

ජන්ග්කුක් වෙන සිහියක ඉදන් කියනකොට ඒ වගේ පුංචි දෙයක්වත් හරියට කරගන්න බැරි නිසා මලපැන්න ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ ඔලුවටම පොතෙන් පාරක් දුන්නා..

🐯 එහෙනම් මොන රෙද්දකටද දහයයි කියලා ලිව්වෙ ??

🐰 ආව්වා..

ඒක රිදෙන්න පාරක් නෙමෙයි උනත් ජන්ග්කුක් තොල් නොපිටට පෙරලන් මූන බෙරි කරගන්නකොට ටේහ්‍යුන්ගේ ඇස් පුදුමෙන් ලොකු උනා..ජන්ග්කුක් ඒ වගේ දේකට එච්චර හුරතල් විදියට රියැක්ෂන් එකක් දෙනවා ටේහ්‍යුන් දැක්කේ පලවෙනිවතාවට..

🐰 මොකද තමුසේ ගහලා ඉවර වෙලා කන්න වගේ බලන් ඉන්නේ..

🐯 තමුසේ හෙන හුරතල්නේ කුක්කු බිලින්ජෝ...

ටේහ්‍යුන් සුපුරුදු කට කොනේ හිනාව එක්ක එහෙම කියනකොට වෙනදට ඒ හිනාව දැක්කාම මලපැන්නත් අද කොහෙදෝ මන්දා තිබ්බ ලැජ්ජාවක් ජන්ග්කුක්ට දැනෙනකොට එයා ඉක්මනට රතුවෙන එයාගේ කන් දෙක වහගත්තා..ඒත් ඉතින් එයා පරක්කු වැඩියි..ටේහ්‍යුන් ඒක දැකලා ඉවරයි..

You Are MY ENEMY || TK Where stories live. Discover now