Chapter 07

288 61 13
                                    

" ගන්නවද නැද්ද ??
ගන්නවද නැද්ද ??
ඔන්න ඔහේ අරගමු..
ඒත් ඇයි ගත්තේ ඇහුවොත් ??
ආහ්හ්හ්හ්හ්හ් !!!!! "

ෆෝන් එකත් අරන් එහෙට මෙහෙට යන ගමන් කෑ ගහන ජන්ග්කුක් දිහා මිසිස් ජියෝන් , මිස්ටර් ජියොන් බලාගෙන හිටියේ පිස්සෙක් දිහා බලන් ඉන්නවා වගෙයි..

" අරකට අර මොකක්ද වෙලා තියෙන්නේ ?? "

" අනෙ මන්ද අපේ මහත්තයා..සාමාන්‍යයෙන් ඕකා ඔහොම හැසිරෙන්නේ මැට්ච් එකක් පැරදුනොත් විතරයි..ඒත් පරදින්න ලගදි මැට්ච් එකක් තිබ්බෙත් නෑනේ..ම්ම්..මේ අපේ මහත්තයා කොල්ලට භූත දෝශයක්වත්ද ?? "

මිසිස් ජියෝන් කම්මුලටත් අතක් තියාගෙන කියනකොට මිස්ටර් ජියෝන් මිසිස් ජියෝන් දිහා රවලා බැලුවා..

" ටීචර් කෙනෙක් නේද ?? ගොන් කත නොකියා ඉන්නවා !! "

" ඇයි ?? මොකෝ ටීචර්ස්ලාගේ ලමයිට යක්කු වැහෙන්නේ නැද්ද ?? "

" වැහෙනවා ආච්චිගේ රෙද්ද !! "

" ආච්චි තමයි වැහිලා තිබ්බේ.."

" කාටද ?? "

" සුසිලා මිස්ගේ කුකූට "

" කුකූ කියන්නේ බල්ලෙක්ගේ නමක්නේ.."

" ඉතින් කුකූ කියන්නේ බල්ලෙක් තමයි..ඌට ආච්චි වැහිලා ඉදලා පෙරේදා තොයිලයක් නටලා අයින් කරල තියෙන්නේ.."

" මොකක් ?? ඔයාගේ යාලුවොන්ටත් ඔයාට වගේම මොංගල් සේහි !! ගිහින් ඔක්කොම ඔලු ටික චෙක් කරගන්නවා..ආහ් යනකොට අර තනියම කියෝ කියෝ එහෙට මෙහෙට ඇවිදින එකාවත් අරන් යනවා..අම්මාගේ උෂ්නේ පුතාටත් වැදිලද කොහෙද ?? "

බල බල හිටපු පත්තරේ පැත්තකින් තිබ්බ මිස්ටර් ජියෝන් පුතාටත් තියෙන්නේ අම්මාගේ මොලේ කියලා තේරුම් අරන් එතනින් නැගිටලා ගියා..

" ඇත්තටම කොල්ලාට අර කිව්වත් වගේ ආච්චිව වත් වැහිලද ?? "

මිසිස් ජියෝන්, තාමත් පිස්සෙක් වගේ එහෙට මෙහෙට කෑ ගහ ගහ දුවන ජන්ග්කුක් දිහා බලන් ඉදලා බැරිම තැන ගිහින් බුදු පහන ලග තියෙන පිරිත් පැන් බෝතලෙන් පිරිත් පැන් ටිකක් ඉස්සා..

" ඊයා !! අම්මා මොනවද ඔයා ඉස්සේ ?? "

ෆෝන් එකෙ සිහියෙන් හිටපු ජන්ග්කුක් මිසිස් ජියෝන් පිරිත් පැන් ඉස්සාම බය උන පාර කෑ ගහගෙනමයි එහාට පැන්නේ..

You Are MY ENEMY || TK Onde as histórias ganham vida. Descobre agora