Chapter 08

344 61 20
                                    

ටේහ්‍යුන් කිව්ව විදියටම ඊලග දවසේ ජන්ග්කුක්ට ක්ලාස් කරන්න පටන් ගත්තා වගේම කලින්ට වඩා ටේහ්‍යුන් ජන්ග්කුක් අතරේ සම්බන්දේ ටිකක් වර්ධනය වෙලායි තිබ්බේ..ඒත් ඒ බැදීම ජන්ග්කුක්ගේ ගෙදරට විතරක් සීමා වෙනකොට බිග් මැට්ච් පටන් අරගන්න කිට්ටු නිසා බැට් එක ගන්න හැම වෙලේකම ජන්ග්කුක්ගේ ලොකුම හතුරා උනේ ටේහ්‍යුන්..

නිවාඩුවෙන් පස්සේ ඉස්කෝල පටන් ගත්තාම ටේහ්‍යුන් ඉරිදට විතරක් ක්ලාස් කරන්න තීරණය කරේ බිග් මැට්ච් නිසා වීක් ඩේස්වල දෙන්නටම ප්‍රැක්ටිස් නිසායි..ජන්ග්කුක්ගේ ඉගෙනීම කලින්ට වඩා හොද තත්ත්වෙක තිබ්බ නිසා ජන්ග්කුක්ගේ අම්මා උනත් මේ පාර ප්‍රැක්ටිස් වලට උපරිම සහයෝගය දුන්නා..

" ජන්ග්කුක් ඔයාගේ බැටින්ග් නම් හොදයි..ඒත් අමතක කරන්න එපා ටේහ්‍යුන් කියන්නේ ලෙෆ්ට් හෑන්ඩ් සුපිරි බෝලර් කෙනෙක් කියලා..මේ පාර මැට්ච් එක ටේහ්‍යුන්ලගේ සෙට් එකේ ෆයිනල් එක නිසා එයාලා උපරිමේටම ප්ලේ කරයි..ඒ නිසා තව හොදට ප්‍රැක්ටිස් කරන්න.."

කෝච් නම්ජුන් ජන්ග්කුක්ට දේශනය දීලා ඊලගට හැරුනේ බෝලේ උඩ දදා හිටිය ජිමින් දිහාවට..ජිමින් බැටින්ග් වලින් පොඩ්ඩක් වීක් උනත් බෝලින්ග් නම් ඉතින් ජිමින් කියන්නේ ටීම් එකේ දක්ෂම කෙනා..ජිමින්ගේ බෝලින්ග් ස්කිල් ටේහ්‍යුන්ගේ ස්කිල් වලට සම්පූර්ණයෙන්ම වගේ සමාන වෙනකොට ජිමින්, ටේහ්‍යුන් සහෝදරයෝ කියලා නොදන්න හුගක් අය නම් එ ගැන පුදුමෙන් හිටියේ..

" ජිමින් ඔයාගේ බෝලින්ග් නම් සුපුරියි...හැබැයි බැටින්ග් හදාගන්න වෙයි..මට ශුවර් ජිමින් ප්ලේ කරන වෙලේට එයාලා අනිවාර්යයෙන්ම බැටින්ග්වලට දාන්නේ හෝසියෝක්ව..ඔයාලා උනත් දන්නවානේ හෝසියෝක් කියන්නේ ටේහ්‍යුන් වගේම වැඩ්ඩෙක් කියලා.."

නම්ජුන් මැට්චස් පටන් ගන්න කලින් හැමෝටම දේශනය දෙනකොට ජින් අනිත් පැත්තෙන් ටේහ්‍යුන්ලගේ ටීම් එකට දේශනයක් දෙන ගමනුයි හිටියේ..

" බෝගම් ඔයාගේ කකුලේ ප්‍රශ්නේ දැන් හොදද ?? මේ පාර ඔයාලා සෙට් එකගේ ෆයිනල් එක නිසා ලොකු මැට්ච් එකක් දෙන්න වෙයි දිනන්න නම්.."

You Are MY ENEMY || TK Where stories live. Discover now