Chapter 13

316 55 12
                                    

පුංචි ටේහ්‍යුන් හිටියේ කහ ඉරෙන් එහා පැත්තේ..ටේහ්‍යුන් එයාගේ අතේ ලස්සන උල් මාරු කරන පැන්සල් දෙකක් තියාගෙන හිටියේ එයාගේ චූටි මල්ලිලා දෙන්නට දෙන්න..ජිමින් බොරු බඩේ අමාරුවක් හදන් අද ආවේ නැති නිසා ටේහ්‍යුන් ජිමින්ගේ උල් මාරු කරන පැන්සල බෑග් එකේ දාගෙනයි හිටියේ...

" තේතේ...දන්කූ...මේහ්...."

මෙච්චර වෙලා ටේහ්‍යුන් බලාපොරොත්තුවෙන් හිටපූ දෙන්නා කහ ඉරෙන් එහා පැත්තේ ඉන්නවා දැක්ක ටේහ්‍යුන් හිනා වෙවී එයාගෙ අතේ තියෙන පැන්සල් දෙක උඩට උස්සලා පෙන්නුවේ එහා පැත්තේ හිටපු පුංචි ජන්ග්කුක්ගෙයි පුංචි ටේයොන්ගෙයි ඇස් සතුටින් දිලිසෙනකොටයි..

" ලොතූ....දම් පාත එක තුතීගේ...!!! "

පාරෙන් එහා පැත්තේ ඉදන් ටේහ්‍යුන්ගේ අතේ තියෙන දම්පාට උල් මාරු කරන පැන්සලට අයිතිය කිව්ව ජන්ග්කුක් ඒක ගන්න තියෙන හදිසියට දෙපැත්තවත් නොබලා එකපාරටම පාරට පැන්නේ එහා පැත්තෙන් වේගෙන් ආපු වාහනේට බ්‍රේක් ගහගන්න බැරි කරලයි..ජන්ග්කුක්ගේ වෙලාවට ඒ වෙලේ පොලිසියවත් කහ ඉර ලග නොහිටිය නිසා පුංචි ජන්ග්කුක්ට පාර දෙපැත්ත බලලා පනින්න ඕන කියලා කියන්න කෙනෙක් හිටියේ නෑ..ජන්ග්කුක් එකපාරටම පාරට පනිනකොට වේගෙන් ආපු කාර් එකේ එයාව වැදිලා විසික් වෙනකොට කාර් එක හරවපු එකෙන් උනේ ජන්ග්කුක්ව නවත්තන්න බාගයක් දුරට දුවන් ආපු ටේයෝන්ගේ ඇගෙත් හැප්පුන එකයි..ජන්ග්කුක් විසික් වෙලා ගිහින් ටේහ්‍යුන්ගේ කකුල් දෙක ලගම වැටෙනකොට කාර් එක ටේයොන්ව යට කරගෙන ගියේ මේ අවාසනාවන්ත සිදුවීම පුංචි ටේහ්‍යුන්ගේ ඇස් දෙකෙන්ම බලාගන්න තරම් එයාව පව්කාර කරලයි..

" ද..ද..දන්කු...ත්..තේතේ..."

ටේහ්‍යුන්ගේ අතින් දම් පාටයි රෝස පාටයි උල් මාරු කරන පැන්සල් දෙක බිම වැටිලා කැඩිලා යනකොට තමන්ගේ ඉස්සරහ ලේ විලක් මැද වැටිලා ඉන්න පුංචි ටේහ්‍යුන් මේ ලෝකේ වැඩිපුරම ආදරේ කරපු දෙන්නාගේ සිරුරු දිහා බලන් හිටියේ තාමත් හරි සිහියට එන්න බැරුවයි..මිනිස්සු වට වෙලා පොඩ්ඩෝ දෙන්නා ලගට එනකොට ටේහ්‍යුන්ට ඒ හැමදෙයක්ම පෙනුනේ නිශ්ශබ්ද හිස් පරිසරයක හරි ඉක්මනට දේවල් වෙනවා වගේ...පුංචි හිතේ දරාගැනීමේ සීමාව අවසන් වෙනකොට ටේහ්‍යුන් එහෙම්ම කලන්තේ දැම්මේ තාමත් යාන්තමින් ඇස් ඇරන් ඔහේ බලන් ඉන්න ජන්ග්කුක් දිහා බලාගෙනමයි..පුදුමයි ටේහ්‍යුන් , ටේයොන් දෙන්නම ඇස් වහගන්නකම් ඒ දෙන්නගේ මැද්දේ පුංචි ජන්ග්කුක් අමාරුවෙන් ඇස් ඇරන් හිටියා..එයාගේ දම්පාට පැන්සල මිනිස්සුන්ගේ කකුල්වලට පෑගිලා කුඩු වෙලා යනවා ජන්ග්කුකගේ ඇස් වැහෙන්න ඔන්න මෙන්න තියෙද්දී ජන්ග්කුක් දැක්කා.."

You Are MY ENEMY || TK Where stories live. Discover now