chapter 14

251 61 21
                                    

කාලය හීයක වේගෙන් ගියේ ජන්ග්කුක්ගේ එක්සෑම් එකත් ලන් කරලයි..එක්සෑම් නිසා ජන්ග්කුක් බිසී වෙනකොට ටේහ්‍යුන් තමයි ජන්ග්කුක්ටයි ජිමින්ටයි දෙන්නටම පාඩම් ගොඩක් කියලා දුන්නේ...හුගක් දවසට එහෙම්ම ජිමින් එක්ක ටේහ්‍යුන්ගේ ගෙදරට එන ජන්ග්කුක් ටේහ්‍යුන්ගේ ඇදුමක් ඇදගෙන ටේහ්‍යුන්ගේ කෑම කාලා පාඩම් කරලා එයාගේ තාත්තා රෑට එක්කන් යන්න ආවමයි ගෙදර යන්නේ..ගෙදර හිටියොත් පාඩම් කරන්නේ නැති නිසා ජන්ග්කුක්ගේ අම්මත් ඒ වැඩේට කැමති උනේ ජන්ග්කුක් මොනවා නැතත් අම්මටයි තාත්තටයි වඩා ටේහ්‍යුන්ට බය නිසායි..

" ආහ් මේක ඇදගන්නවා !! "

සුපුරුදු පරිදි ඉස්කෝලේ ඉවර වෙලා ගෙදර ආපු ජිමින් ජන්ග්කුක්ගේ ඇගට ඇදුමක් විසික් කරාම ජන්ග්කුක් ඒක දිගෑරලා ඒකේ සයිස් එක බැලුවා.

" මේක පොඩී යකෝ...උබේ ඔය හීමිජ්ජන් කෑලි මට මදි...කෝ එහාට වෙයන් මන් ලොකුගේ එකක් ගන්න.."

ජිමින්ව එහාට කරපු ජන්ග්කුක් එයාගේ ගෙදර වගේ ටේහ්‍යුන්ගේ කාමරේට ගිහින් ටේහ්‍යුන්ගේ කබඩ් එක ඇදලා ඇදුමක් අරගත්තාම ජිමින් ඇස් රෝල් කරා..ටේහ්‍යුන්ගේ ඇදුම් ජිමින්ටවත් එයා අදින්න දෙන්නේ නෑ...ඒ උනාට ජන්ග්කුක්ට නම් ඉතින් මුලු කබඩ් එකම පෙරලලා ඇදුම ඇන්දත් ටේහ්‍යුන් මුකුත්ම කියන්නේ නෑ..යකාගේ නීති මේව්වා !!

" ඉක්මනට වොශ් එකක් දාලා වරෙන් කාලා ලොකූ දීපු පේපර් එක කරන්න...නැත්තම් අද ඉවරයි..."

ජිමින් ටේහ්‍යුන්ගේ හැටි දන්න නිසාම ජන්ග්කුක්ට වෝර්නින්ග් එකක් දීලා ගියේ ටේහ්‍යුන් ක්ලාස් ඇරිලා එනකම් වැඩේ කරන්නයි..ජන්ග්කුකලා එක්කම දැන් යූන්ගිත් ගෙදර එන නිසා එයා නම් ආපු ගාමන් යුනිෆොර්ම් එක පිටින්ම නිදි නිසා ජන්ග්කුක් යූන්ගිගේ පුංචි සපත්තු දෙක ගලවලා පැත්තකින් තියලා වොශ් දාන්න ගියා..

කාලෙත් එක්ක ජන්ග්කුක් ටේහ්‍යුන් ජිමින් දෙන්නාට වගේම ගෙදර හැමෝටම හුරු උනත් ඕනවට වඩා ටේහ්‍යුන්ට ලන් උනේ නෑ..ජන්ග්කුක්ගේ හිත හැමවෙලේම ටේහ්‍යුන් ගැන යාලුවෙක්ට සහෝදරයෙක්ට එහා ගිය හැගීම් ඇති වෙන එකට එයා කැමති උනේ නෑ..අනික ජන්ග්කුක්ගේ හිත තාමත් කියන්නේ ටේහ්‍යුන් එයාට ලන් උනේ ටේයොන්ගෙ හදවත තියෙන්නේ එයා ලග නිසා කියලයි..අනිත් පැත්තෙන් ටේහ්‍යුන් උනත් ජන්ග්කුක්ට විශේෂයක් කරේ නෑ..එයා ජිමින්ට සලකන විදියටමයි ටේහ්‍යුන්ට සැලකුවෙත්..ඉතින් ටේහ්‍යුන්ගේ හිතේ ජන්ග්කුක් ගැන තියෙන්නේ කොයි වගේ හැගීමක්ද කියලා කාටවත්ම තේරුම තිබ්බේ නෑ..

You Are MY ENEMY || TK Where stories live. Discover now