Chapter 19

225 39 8
                                    

කාලය ටික ටික ගෙවිලා ගියෙ ජන්ග්කුක්ගේ එක්සෑම් ඉවර කරලයි..ටේහ්‍යුන් නිසාම ජන්ග්කුක් ෆේල් නොවී කොහොම හරි එක්සෑම් ඔක්කොම කරා කියලා ජන්ග්කුක්ගේ හිතේ ලොකු විශ්වාසයක් තිබ්බා..අන්තිම කාලේ ජන්ග්කුක්ටත් වඩා මහන්සි උනේ ටේහ්‍යුන්...ඇයි ඉතින් එයාගේ පාඩම් වැඩ එක්කනේ ජන්ග්කුක්ගෙයි ජිමින්ගෙයිත් වැඩ බලන්න උනේ...කොහොම හරි ටේහ්‍යුන්ගේ මහන්සියේ ප්‍රතිඵල විදියට ජන්ග්කුක් ඕලෙවල් හොදට කරලා තිබ්බා...ෆේල් නොවී බේරිලා ඇති කියලා ගෙදර හැමෝටම විශ්වාසයි..ඇත්තටම ජන්ග්කුක්ට වැඩ බැරුව නෙමෙයි..ජන්ග්කුක්ට කිසිම උවමනාවක් නෑ...ඕලෙවල් වලට පාඩම් කරෙත් ටේහ්‍යුන්ගේ උවමනාවට මිසක් ජන්ග්කුක්ගේ උවමනාවට නෙමෙයි....

කොහොම හරි ඕලෙවල් ඉවර උනත් හරි ජන්ග්කුක් සුපුරුදු ලෙස ක්‍රිකට් වැඩ පටන් ගත්තා වගේම ටේහ්‍යුනුත් සුපුරුදු ලෙස පාඩම් වැඩ ටික කරගෙන ගියා..ටේහ්‍යුන් එයාගේ පුලුවන් උපරිමෙන් පාඩම් කරේ පලවෙනි පාරෙන්ම මෙඩිසින් යන්න තිබ්බ උවමනාව නිසායි...ටේහ්‍යුන්ට බෑ දෙවෙනිපාරක් කරලා තාත්තා මහන්සියෙන් හම්බකරන දේ නාස්ති කරන්න..පවුලේ හතර දෙනෙක් නිසා එක්කෙනෙක් හම්බ කරන පඩිය ජීවත් වෙන්න මදි...සමහර දවස්වලට ජෙනීගේ යූන්ගිගේ ක්ලාස් ෆීස් ගෙවන්නේ ජින් හරි හොබීගේ අම්මා හරි...ජෙනීගේ සම්පූර්ණ වියදම් හොබීගේ අම්මා බලාගන්නම් කිව්වත් ටේහ්‍යුන්ගේ තාත්තා කැමති උනේ නෑ තමන්ගේ දරුවෝ පිට කෙනෙක්ට වදයක් වෙනවට...සමහර දවස්වලට ක්ලාස් ෆීස් ගෙවාගන්න බැරුව අසරණ වුනාම විතරයි ටේහ්‍යුන්ගේ තාත්තා කාගේ හරි සල්ලිවලින් ෆීස් ගෙවන්නේ..ඒත් පුලුවන් උපරිමෙන් ඒ සල්ලි ටික ටික හරි තාත්තා එයාලට දෙනවා..ටේහ්‍යුන්ගේ අම්මාගේ පෙන්ශන් එකෙන් තමයි පොඩ්ඩෝ ආස කරන දේවල් මොනවා හරි ගෙනාවොත් ගේන්නේ..ඒ හැරෙන්න ඒ පඩියත් තාත්තා අත්‍යවශ්‍යම දේකට ගන්නේ නෑ..තාත්තාට වගකීමක් තියෙනවා..සල්ලි එකතු කරගෙන ඉන්න ඕන..මොකද ගෙදර කොල්ලෝ තුන් දෙනෙක් එක්ක කෙල්ලෙකුත් හැදෙනවා..කවදාම හරි බැදලා යන දවසක කාගෙන්වත් වචනයක් අහන්නේ නැති වෙන්න කෙල්ලට හොද දෑවැද්දක් එක්ක යවන්න ඕන...

You Are MY ENEMY || TK Where stories live. Discover now