Chapter 11

268 58 11
                                    

ජන්ග්කුක් ග්‍රවුන්ඩ් එකෙන් එලියට ආවේ තමන් එක්කම ලොකු කේන්තියකින්..මොකද එයා ජිමින්ව ටේහ්‍යුන්ව ඕනවටත් වඩා විශ්වාස කරා..ජිමින්ගෙන් එයාගේ පවුල ගැන අහන හැම වෙලේකම එයා කරේ මගහැරපු එක..ජිමින් ජන්ග්කුක්ගේ ගෙදර ගියත් ජිමින් කවදාවත්ම එයාව ගෙදරට එක්කන් ගිහින් නැති එකවත් ජන්ග්කුක්ට ඒ දවස්වල ගානක් උනේ නෑ....ඒත් එක දෙයක් ජන්ග්කුක්ට තේරුනේ නෑ..ජිමින් නම් ගම් වලින් නොකිව්වත් එයාගේ ජිවිතේ හැම දෙයක්ම ජන්ග්කුක්ට කියලයි තිබ්බේ.

පවුලේ කී දෙනෙක් ඉන්නවද, තාත්තා මොනවද කරන්නේ, අම්මා නෑ කියන එක පවා ජිමින් ජන්ග්කුක්ට කිව්වා..ජිමින් එයාලට කොහොමත් කතා කරන්නේ ලොකු, චූටි , පූස් කියලා නිසා ජන්ග්කුක් කවදාවත් ලොකූ කියන්නේ ටේහ්‍යුන්ට , චූටි කියන්නේ ජෙනීට, පූස් කියන්නෙ යූන්ගිට කියලා හිතුවෙ නෑ..ඉතින් ජිමින්ට වැරැද්දක් කියන්න බෑ..ගෙදර හැන්දක් වැටුනත් ජිමින් ඒක ඇවිල්ලා ජන්ග්කුක්ට කියනවා..ඒත් හරියට නම් ගම් නැතුව..ටේහ්‍යුන්ව ආශ්‍රය කරන්න පටන් ගත්තට පස්සේ ටේහ්‍යුන් ගැන හරියටම බැලුවා නම් ජිමින් කියන්නේ ටේහ්‍යුන්ට මල්ලි කියලා ජන්ග්කුක්ට තේරුම් ගන්න අමාරු වෙන්නෙත් නෑ..මොකද ජිමිනුත් කිම් කෙනෙක් කියලාත් ජිමින්ට ගෙදරට කතා කරන්නේ පොඩී කියල කියලත් ජන්ග්කුක් දන්නවා..

" උබ වැඩේ ගානටම කරා නේද එහෙනම් ?? "

කල්පනාවක ග්‍රවුන්ඩ් එකෙන් එලියට ආපු ජන්ග්කුක්ට ග්‍රවුන්ඩ් එක එහා පැත්තේ ගස් අස්සක ඉදන් හැංගිලා ඉන්න සෙට් එකක් කතා කරනවා ඇහිලා ඉබේටම නතර උනේ එතන හිටපු කෙනාගේ කටහඩ හුරු නිසායි..

" මන් කිව්ව විදියට නම් වැඩේ කරා..ඒත් ඌ ඒකෙන් උගුරක් වගේ බිව්වේ..ඒ ටික මදි මත් වෙන්න.."

ජන්ග්කුක්ට ඒ කතා කරන දේ ගැන සැකයක් හිතුන නිසා එයාලට නොදැනෙන්න ගහකට කවර් වෙලා ජන්ග්කුක් සේරම අහන් හිටියේ එතන කටහඩ ජේහුන්ගේ කියලා ස්ථීර උන නිසායි..

" උබ කියන්නේ ටේහ්‍යුන් බීපු ඩ්‍රග්ස් දාපු වතුර නිසා නෙමෙයි ඕකා සිහිය නැතුව වැටුනේ කියලාද ?? "

ජේහුන් එතන හිටපු කොල්ලාගේ කොලර් එකෙන් අල්ලන් හයියෙන් කෑ ගහනකොට ඒ කියපු දේ ඇහුන ජන්ග්කුක්ගේ ඇස් පුදුමෙන් ලොකු වෙලා අතමිට මෙලවුනා..

You Are MY ENEMY || TK Where stories live. Discover now