හිතුවක්කාරකම් එකයි 🔥

2.3K 180 223
                                    

"අපෙ අත්තම්මාආආ"

"ඕ ඕ... ඇයි රත්තරනේ .. මක්කද මේ නිස්කාරනේ හඩ තලන්නෙ... මක්කද කාරණාව කීව නම් "

"බොහොම වැදගත් කාරණයක් මයෙ අත්තම්මේ..."

" ඒකත් එහෙමද. එහෙනම් කියලා හිටින්කෝ මයෙ මැණික. ඒත් ඇයි ඔය පොල් බෑවක් උස්සන්  ආවෙ ? ඒ මොකෝ කියාපන් බලන්න  "

" ඒක තමා අත්තම්මේ කාරණාව....අත්තම්මගෙ පොඩි වස්තුව අද පොල් ගෙඩ්ඩියක් හරියට බෑ දෙක වෙන් වෙන්න බිදගත්තා...දැන් මම ලොකුයි නේත අත්තම්මේ..."

"අනෙ අම්මෙ මගෙ කොලුවගෙ හුරතලේ...මෙහෙ වරෙන් මයෙඅම්මා... මගෙ කොලුවා හපනනේ...දැන් පොල් ගෙඩියත් හරියට බිදගන්න පුළුවන් . දැන් ලොකු පුතෙක් තමා ."

"ඒක.."

" අම්මේහ්හ්හ්හ්..මෙන්න අම්මගෙ පොඩි පුතා දැන් ලොකු එකෙක් වෙලාලු.. පොල් ගෙඩියක් බිදගෙන හරි මැදින්...බලන්න එපෑ නිපොලැක් කටුසු කලර්ස් ටික මගෙ මළයණ්ඩිගෙ ..."

"මයෙ අක්කණ්...."

ටීං ටීං ටීං......

" ඈ බොල පිස්සු පූසියේ.... මොකක්ද ටවුසෙ කීඉවෙ.....වරත්තු පූසිච්චී......ඔහොම හිටු...අද නම් ඔය කපුටු කූඩ කොණ්ඩෙ මම ගලෝනෝ....ඔහොම හිටු ගොම්බෙට්ටී "

අත්තම්මයි මායි අදත් හවස හය වෙනකම් පැයක් පරණ තාලෙට කතා කරමු කියලා ඔට්ටුවක් දාගත්තෙ අප්පච්චි  හවසට ගේන එකම එක චොකලට් අයිස් එක අයිති කරගන්න පරමාර්ථෙන්. අමුතුයි වගේ පෙනුනට අපේ අත්තම්මා හෙන පොෂ් කෙල්ල මෙහෙම හිටියට.සින්ගලිෂ් වලින්මයි එයා ස්පීක් කරන්නෙ. හැබැයි එයාගෙ ඉස්සරකාලෙ පරණ හතුරි වෙලා හිටපු එක්කෙනා නම් ටිකක් පරණ තාලෙට කතා කරපු කෙනෙක්ලු...ඉතින් අත්තම්මාගෙ ඒ පලස්තීන බඩ්ඩගෙ භාෂා විලාසය ආත්තඅම්මා කතා කරල පෙන්නනවා අපිට සමහර වෙලාවට. ඉතින් ඒ භාෂා විලාසෙත් පොඩි කික් එකක් තියෙන එකේ අත්තම්මයි මායි බාසා ප්‍රවර්ධනය පෙරදැරිකරන් , සතුරාවත් සිහි කරමින් මේ වගේ ඔට්ටු දාගෙන සෙල්ලම් කරනවා. අදත් ඒ වගේ දවසක් ...හැබැයි ඔට්ටුවට දැම්මෙ මගෙ පණව...චොකලට් අයිස් 💔
එහෙම වෙලා තියෙද්දි මේ සුදුපුතා ඔට්ටුව පරදින්න දෙන්නෙ නෑ කිසිසේත්...දිව පරදුවට තමා නොබියව සටනේ ඉදිරියට.

හිතුවක්කාර 🔥 ( Yizhan ) Complete ✅Where stories live. Discover now