හිතුවක්කාර හතළිස් හතායී 🔥

465 46 256
                                    

   ೋ❀❀ೋ═══ • ═══ೋ❀❀ೋ
ⓢⓔⓜⓘⓕⓘⓝⓐⓛ     ⓔⓟⓘⓢⓞⓓⓔ

🐇 " යෝහ් මිනිහෝ. මාව බදන් හොටු පෙරන්න කලින් වෙච්චි ආප්පෙ ගැන කියලා හිටින්කෝ. මට දිවැස් නැනේ .."

මදැයි වෙච්චි දෙයක් ඇහුවා. මගෙ සැමියා කියන ඇටිකෙහෙල් උගුඩුවා කදුලු අස්සෙන් හිනා වෙවී නලල ඉඹිනවා. යකෝ පස්සෙ ඉඹගෙන දැන් කියපියකෝ  !

🦁 " මයෙ අම්මා !"

🐇 " හෑහ් ? අඩන්නෙ ඇයි අප්පා... මෝල් ද බොට.. හෙ හේ. මෙ.. මෝල් ගස් මෝල් ගස්.. අර අර. මේ පිටි කොටන එක  "

කොහෙද ඉතින් බනින්නත් බෑනෙ. ම්හුක්. මහ නරකයි අප්පා. අත්තම්මා හැටට හැටේ මට රවනවනෙ අප්පා එයාගෙ අලුත් මුණුබුරාට බැන්නා කියලා . යසාගෙයි යසාගෙයි. මේ වයසට ඔහොම කේන්ති ගත්තොත් නම් නහරයක් ගහලා යන්නත් පුලුවන් ස්නිකව. ඔව්වා දැන් පරණ වණ්ඩි. පොඩ්ඩ ඇත්නම් ලෙඩ . කොහෙද ඉතින් තේරුම් ගන්නෙ නෑනෙ වයසයි කියලා . තාම 18 කෑල්ල කියල හිතන් ඉන්නේ.

හුම්. එයත් දැන් මේකාට ආදරේ වෙලානෙ චූචී හාමුවාට වඩා.
මහ චපලයි අප්පා.. චූචියා පව්නෙ.

🦁 " ඔය මෝඩ කටට දැන් නම් බ්‍රේක් පාගන් ඉන්න වෙනව සුදූ ඈ "

🐇 " ඒ මොකටද ?"

ගෙදර මිනිස්සු හිනා වෙවී ඉද්දි ගොබියි මායි රහස් කෝච්චිය දාන ගමන් උන්නා . හයියෙන් කතා කරන්න පුලුවන් එව්වයෑ මේ...

🦁 " මං හිතන්නෙ මට වඩා මේක කියන්න හොඳම කෙනා අම්මා කියලා . බය වෙන්නෙ නැතුව ඉන්න හරිද . මයෙ මැණිකට හුගාරියක් ස්තූතියි...
අප්පච්චි ආදරෙයි දෙන්නටම "

හරි හරි හරී. දැන් වෙයිට් අ මිනිට් කියාපියකො...
දැන් මොකක්ද මේ මගෙ හිච්චි ලබ්බා ගොබ්බට වෙලා තියෙන්නේ ? මොනාත් මූ මේ කියවන්නේ ? ඇට පිටින් ගසලද මන්දා ? දැන් අම්මා මොනාතෝ කියන්න යන එකත් හරියි කියමුකො. එතකොට බය වෙන්න එපා කිව්වෙත් මොකාක් හරි පැණි කැවුමකට කියලා කියමුකො...
ඒත් මෙතන තියෙන ලෝක අවුල මූ මොන ලබ්බටද මට ටැන්කුයි ගාන්නේ ?

හෝව් හෝව් හෝව්. මේ ළමයා නිදිමතේ ඉද්දි මූ මට කියලා ඩිවෝස් පේපර්ස්වත් සයින් කරගත්තද ? අඩෝ මිනිහෝ... මෙව්වට තමා ඈ හෙන මන්දෝ වෙන්නේ. තෝ තුච්ච හිවලා මේ ආත්මෙ මං නම් උබට බේරෙන්න දෙන්නෙ නෑ . ඩිවෝස් එක ඉල්ලුවොත් වන්දි ඉල්ලනවා උබව හැදි ගෑවෙන ගාණක්. හුම් . දන් නෑ මයෙ හැටි.

හිතුවක්කාර 🔥 ( Yizhan ) Complete ✅Where stories live. Discover now