හිතුවක්කාරකම් දහ අටායී 🔥

562 78 48
                                    

පැය පහකට පමණ පෙර......

" හරි ඒත් අයිය්.."

" අයින් වෙන්න කියන්නෙ අයින් වෙන්න කියන එකට සුදූ. මං උබෙන් මෙච්චර කාලෙකට ඉල්ලපු එකම දේ මේක. පොරොන්දු වෙයන් අද ඉදන් සතියක් යනකම් උබ මම කියන හැමදේම අහනව කියලා . පොරොන්දු වෙයන් සුදූ!"

" අ...අයියෙ.. ඇයි මෙ?"

" පොරොන්දු වෙන්න පුළුවන්ද බැරිද උබට ? හාද ? බෑද ?""

" හ්.. හා හරී... "

"මගෙ හොද කොල්ලා. "

මම දන්නෙ නෑ ඇයි කියලා . වෙලාවකට ආදරෙන් කතා කරන අයියටම වෙලාවකට මල යකෙක් වැහිලා වගේ කෑගහනව. කොන්ඩෙන් ඇද ගන්නව.එකම පිස්සුවයි. රුකාගෙ කියලත් වෙනසක් නෑ . ඌත් ඉස්සර වගේ පිස්සු ගති පෙන්නන්න හැදුවත් ඌ කරන්නෙ මවාපෑමක් කියලා තේරුම් ගන්න බැරි තරම් පොඩි එකෙක් නෙවෙයි මං. මාව පොඩි එකෙක් ගානට දාන එක දැන්වත් නවත්තපියව්. මගෙ හිත කෑගහනවා. අඩනවා. ඒත් මට කට ඇරලා ඒ වේදනාව එලියට දාන්න ඕනි කමක් නෑ එයාලව තවත් අවුල් කරලා. මම බලන් ඉන්නවා ඔයාල මට කවද හරි ඔය දේවල් කියනකම්!

එයාල කේන්තියෙන් . ඒත් කෝ හේතු ?
ඇයි එයාල මට මොකුත් නොකියන්නෙ?
මම හැමදේම ඉවසන් බලන් ඉන්න විතරද ඕනි ? ඇයි යකෝ මුන් ඔක්කොම මාව කොන්ද පණ නැති එකෙක් ගානට දාලා වැඩ කරන්නෙ. මොන කරුමයක්ද මේක.

හැබැයි මම දන්නෙ නෑ මේ සතිය; මොන වගේ සතියක් වෙයිද කියලා මට !

අයියා මගෙ අතින් ඇදගෙන කැබින් එකෙන් එලියට ආවෙ මගෙ බඩු ටික අයියගෙ බොඩි ගාඩ් කෙනෙක්ට රුකා එක්ක පැක් කරගෙන එන්න කියලා කියන ගමන් වෙද්දි මාත් පඬරැල වගේ අයියගෙ පස්සෙන් යද්දි.. ටිකක් දුර යද්දි අයියට කෝල් එකක් ආව හින්දා ටිකක් ඈතට යද්දි මම එතන රූම් වලට එබි එබී ඉන්නකොට මට ඇහුනෙ පුරුදු කටහඬක් ...

ඉතින් දොර හිඩසෙන් හා කනක් ඇතුලට එබුවෙ කුටු කුටු ගාන්නෙ මොකක්ද කියලා අහගන්නයි.

" ආ නෑ නෑ සර් . එයාට එහෙම කාත් එක්කවත් ඔෆීෂියල් එෆෙයාර් එකක් නෑ . ඔක්කොම හොර සීන් තමා ... පොඩ්ඩක් විතර ඔය ප්‍රසිද්ධ අය අස්සෙත් නලියනව ඉතින් . අවධානෙ ගන්නනෙ.වෙන මොකක්ද ඉතින් "

හිතුවක්කාර 🔥 ( Yizhan ) Complete ✅Where stories live. Discover now