හිතුවක්කාරකම් හතළිස් තුනායී 🔥

393 39 318
                                    

🐇" රුකා වරෙන් යන්න. අපි යං . ගිහින් හොයන් එම්...ආව් ආව් ආයි ආයි ඌයී.... කන කන කන..... බල්ලෝ.... කන "

මුල් ටික හෙන ගැම්මෙන් වගේ ආවේගෙකින් කියන් ගියත් අන්තිම ටිකේදි නෙතුන්ට දැනුනෙ කන ගලෝනව වගේ පීලිං එකක්. ඇයි යකෝ කන අඹරන්නෙ ඒ ළමයා වැරදි දෙයක් කිව්වයෑ.

🐓 " ආයි ආව්ව්ව්ව්... අ.  උප්ස්"

තමන්ට අඩත්තේට්ටම් කර කර රුකා කෑ ගහන්නෙ ඇයි කියලා නෙතුන්ට හිතාගන්න බැරි උනා. පිස්සුද මුට ?

🐇" මගෙ කන අතෑරපන් යකෝ ... මගෙ කන මිරික මිරික උබ කෑගහන්නෙ ඇයි බල්ලෝ... මගෙ කන කන්න්න්න්න්..... ඔහ් හෙ.. හී.. හී.. සු.. සුදු මහත්තයා... ඒත් මේ බැලුවා කවුද කියලා .. හෙ හේ... "

කන මිරිකන එකාට හොදවෑන් දෙකක් අමතන්න කියලා හිතාගෙන පිටිපස්ස හැරුනත් ලේපාට ඇස් එක්ක හකු තද කරන් ඉන්න එයාගෙ සැමියා දැක්කාම නම් කොල්ලට දෙයියො සිහි උනා. මේ වෙලාවට තමා හිතෙන්නෙ චුට්ටි බිංකුණ්ඩෙක් වෙලා බිත්තර කට්ටක් අස්සෙ හැංගෙන්න...

යුගීගෙ මූණ දිහා අහිංසක හිනාවකින් බලා ඉන්න ගමන්ම කොල්ලා ඇස් දෙකේ කලු බෝලා දෙක විතරක් කරකවලා වටපිටාවෙ තත්ත්වෙ නිරීක්ෂණය කරා...
නෛයිස්ස් . යුගීගෙ එක අතට නෙතුන්ගෙ කන තියෙද්දි අනික් අත රුකාගෙ කනේ තිබුනා.  ඇත්ත කිව්වොත් චුච්චි වවුල් පැටවෙක් වගේ රුකා එල්ලිලා හිටියා කිව්ව නම් තමා වඩා නිවැරදි , හැබැයි එල්ලිලා තිබ්බෙ නම් කනෙන්...

ඒක දැකපු ගමන් ගිලින්න ගිය කෙල පිඩත් ඉස්මොලේ ගිහින් නෙතුන්ගෙ තව පොඩ්ඩෙන් හුම්මත් ලෙප්ට් වෙන්වා... දැන් කරගන්නම දෙයක් නැති හින්දා අහිංසක විදිහට ඇස් දෙක බෝල කරලා සට පට ගාලා ඇස් පිල්ලන් දෙක තුනක් ගැහුවෙ තමන් උගත් මායම් සිල්පෙන්වත් ප්‍රයෝජනයක් ගන්න. ඒ උනාට මොකක් හෝ කරපු කරුමයක් නිසා ඒ මායම් වලට යුගීගෙ නපුරු පෙනුමෙ නම්  වෙනසක් උනේ නෑ .

ඒ කියන්නෙ අද නම් දෙයියන්ගෙම පිහිටයි.

🦁  " වරෙන් යන්න අද මං තොපි දෙන්නා ගැන බලාගන්නම්"

මෙච්චර වෙලා කට වහන් හිටපු යුගී ගුගුරන්න ගත්තෙ වැරදිකාරයෝ දෙන්නට සුලු දිය ලෝඩ් කරන්න තරම් බය හිතෙන විදියටයි.




හිතුවක්කාර 🔥 ( Yizhan ) Complete ✅Where stories live. Discover now