හිතුවක්කාරකම් දාසයයී 🔥

574 79 80
                                    

"ඉතින් කියන්නකො බලන්න තව අයියගෙ පුංචි සුරදූතයා ගැන"

"කවුරු ?"

"ඔයාගෙ අර පුංචි හිතුවක්කාරයා. ඔයාගෙ හැපි පිල් එක... යුගීත් අය්"

"යුගී!"

"හහ්?"

"යුගීත් කියන්න එපා. යුගී කියන්න"

"හේතුව?"

"හේතු නෙවෙයි . යුගීත් කියන්න එපා . මෙච්චර දවස් යුගී කියපු එකේ දැන් ආයුගෙ අයිතිය ගගා ඔහොම ඈත් වෙන්න හදන්නෙ ඇයි මල්ලි ? මම උබට හොද අයියා කෙනෙක්වත් උනේ නැද්ද මල්ලි ?"

"අහ්..අ..අනේ එහෙම එකක් නෙවෙයි යුගීත් අයියෙ... උයා ඉතින් උට්ටක් කියෝනවනෙ ... ඔයා හරි හොදයි අප්පා යුගී. උදේට කාපු බොක්කෙ ඉන්න සාලයා පල්ලා.... ඔයා ගොඩක් හොදයි හරිද? හොදම අයියා .දැන් ඉතින් කතාව කියහන්කො. මං දැන් කුතුහලේනේ අනේ... ම්හුක්"

" හ්ම් හ්ම්. ඔච්චර ආස නම් චීත්ත හෝදන්න ඔහොම ඉන්නවකො . මම කියන්නම් කතාව.
මෙහෙමයි... මගෙ බර්ත්ඩේ එකට සතියකට කලින් තමා උසස් පෙල පන්ති වලට ස්කෝලෙට පොඩි උන් සෙට් එකට ළමයි ගත්තෙ. අලුත් 12වසරට . අපි ඉතින් 13 ලොකු අයියලානෙ. අපිත් ගියා පොඩ්ඩක් හොම්බ දාන්න. අපිත් කිව්වට මට මහලොකුවට යාලුවෝ හිටියෙ නෑ . පහයි හයයි  හිටියෙ . ඉතින් කට්ටිය එක්ක යද්දි අපිට පොඩි සෙට් එක හම්බුනා. කොල්ලො විස්සක් විතරයි කෙල්ලො දාසයක් දාහත් වගේ තමා අරන් තිබ්බෙ පිට ඉස්කෝල වලින්. "

" ආ හරි ... මට දැන් හිතාගත්තෑකි... එතකොට ඔන්න ඔයාලා පොඩි උන් ටික බලන්න ගියාම ඔයාගෙ ආයුත් හිටියා කට්ටිය එක්ක.
ඔය ඇස් කතා කරා මා දිහා බල බලා සුදාම්මියේ ...
වගේ සීන් එකක් යද්දි උබත් ඒ අහිංසක කොල්ලා දිහා හත් අවුරුද්දක් කන්න හම්බුන් නැති පුත්තලං හිකනලෙක්ට මුද්දරප්පලමක් හම්බුනාම දාන අසික්කිත බැල්ම දාන් කන්න වගේ බලන් හිටියා. එහෙම නේද ?"

"බම්බුව තමා .. එහෙම රෙද්දක් කරන්න තිබ්බා එතන ආයු හිටිය නම් !"

"ඌ ඒ සෙට් එකටත් ස්කෝලෙට ආවෙ නැත්තන් මොන බම්බුවේද බන් අයියෙ හිටියෙ ?"

හිතුවක්කාර 🔥 ( Yizhan ) Complete ✅Where stories live. Discover now