හිතුවක්කාරකම් තිස් නවයායී 🔥

430 42 214
                                    

යුගීත් pov :-

🦁" සීයා තාත්තා "

👨🏻‍🦳" ඇතුළට එන්න "

බ්‍රෙක්ෆස්ට් එක ගන්න කියලා පල්ලට ආවට සුදු මැණික මෙලෝම දෙයක් කාපු නැති නිසා අම්මයි , අක්කයි දෙන්නා කුස්සියට ගියෙ සුදූවත් ඇදගෙන එයාට ඕනි විදිහෙ කෑමක් හදලා දෙන්නම් කියලා පොරොන්දු වෙලයි. ඇදගෙන කිව්වට ඇදගෙන නෙවෙයි මං වඩාගෙන ගිහින් මේසයක් උඩින් වාඩි කරලා තියලා , මං ලග නැති වෙලාවට හරියන්න උම්මා අම්බානෙකුත් දීලයි.

කෑම මේසෙදි මට සීයා තාත්තා ඔෆිස් රූම් එකට එන්න කිව්වා කතා කරන්න .ඉතින්  මං දැන් ආවෙ ඒකට තමයි. පපුව පිරෙන්න හොද හුස්මක් අරන් දොර ලගට ගිහින් කතා කරපුවාම සීයා තාත්තා ඇතුළෙ ඉදන් එන්න කියපු හින්දා දොර ඇරගෙන ඇතුළට ගිහින් ඉදගත්තෙ එයාගෙ ටේබල් එක ඉස්සාරහ තියෙන පුටුවෙන්.

👨🏻‍🦳"  ගොඩ කාලෙකට පස්සෙ අපිට ආයෙම හැංගි හැංගි කතා කරන්න ඕනි නෑ වගේ නේද මුණුබුරෝ..."

🦁" අනිවාර්යයෙන් . හැබැයි ඒ කාලෙ ඔයාට තිබ්බ කැමති වෙන්න. එහෙනම් මං මීට කලින් මුණුබුරා වෙලානෙ."

👨🏻‍🦳" එහෙම බෑ ඉලන්දාරියා . හැමදේකටම වෙලාවක් තියෙනව "

🦁" ඒත් මට පැටලිච්ච තැන් ගොඩක් තියෙනව සීයා තාත්තා !"

👨🏻‍🦳" මං කියන්නම් හැමදේම . එහෙනම් අහගනින් කොල්ලො.

මුලින්ම , මං නාග් , එහෙමත් නැත්තන් පාතාලෙ කියන නරකාදියට වැටුනෙ මගෙ මහලොකු තාත්තා කියන එකා හින්දා. ඌ මැරුවෙ මගෙ රෝස මලව. මං ඒ කෙල්ලව ලොකු එකීටත් වඩා හුරතල් කරා කිව්වොත් හරි පුතා. මොකද ඒකි ඉපදුනේ හත් මාසෙන්. හුගක් පරිස්සම් කරා. තාත්තා ඒ කාලෙ ඉදන්ම අකමැත්ත පෙන්නුවත් තාත්තනෙ කියලා හැමදාම මං ඒවා අමතක කරලා බිස්නස් වැඩත් කරන් හිටපු එක කරේ. හැබැයි එයාට හැමවෙලේම ඕනි උනේ මං බිස්නස් වලින් අයින් වෙලා මේවට සම්බන්ධ වෙනව දකින්න. අන්තිමට ඒක උනා. හැබැයි ඒක වෙන්න මට මගෙ දරුවා නැති වෙනකම්ම ඉන්න උන එකයි වේදනාව. මං දැන් දුක් වෙනවා ඇයි කලින් මේවට සම්බන්ධ නොවුනෙ කියලා . එහෙම උනා නම් මගෙ කෙල්ල මැරෙන්... එක්කො දැන් ඒවා වැඩක් නෑ පුතා. ඒකි මැරිලා හරි සැනසීමෙ ඇතිනෙ. සමාවෙන්න පුතා මං පොඩ්ඩක් සංවේදී උනා "

හිතුවක්කාර 🔥 ( Yizhan ) Complete ✅Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ