හිතුවක්කාරකම් හතරායී 🔥

956 124 118
                                    

හරි වගේ...අම්මගෙ අනික් පුතා ආවා.අල්ලපු ගෙදර පුරුසයාගෙන් අම්මට දාව ඉපදුනා කියලා හිතන් ඉන්න පුතා.රුක්කාවයියා.
ඕවට මොකුත් කියලවත් බෑ.නොකියත් බෑ.
ඕනි මගුලක් කියලා බෙඩ්ෂීට් එකත් පැත්තකට විසික් කරපු මම සොනික් වගේ සාලෙට දුවන්න ගිහින් දෙයියන් සිහි කරගත්තෙ ඊයෙ රෑ අක්කට බයේ වහපු දොරේ ලොක් එක අරින්න අමතක වෙලා දුවන් ගිය පාරට ඤොක් ගාලා නහයයි,මගෙ කටු බොඩියයි,කකුලෙ සූටි ඇගිල්ලයි වද්ද ගත්ත හින්දා.ඇත්තම කියන්න මිත්‍රවරුනි අම්මෝ ලෝඩ් උනා සූ බරක් නම් වික්ටෝරියාව පිරෙව්වෑකි මේ බර නිදහස් කරානම්.ඇත්තටම මේ වෙලාවෙ දොර හදපු එකාගෙ පටන් දොරට ලී සපයපු එකගෙ අත්තා මුත්තා ඉදන් පරම්පරාවම මතක් කරන් මම අලකෘත බාසාවකින් බැන්නෙ ඒ සෙට් එකට පොළොවෙ ඉදන් පස් කන්න හිතෙන විදියටයි.
මූණ  හෝදලත් නෑ කියලා මතක් උන ගමන් මම පටාර් ගාලා දිව්වෙ ලිඳ ලගට මූණ හෝදගන්න. ඇයි ඉතින් මෙහෙ ටිකිරිලියා වෙලා ලිද වටකර යන්න එපැයි. බාතෲම් තියෙයි යෑ. මූණත් හෝදන් උදේ සුපිපුනු මලක් වගේ මම සාලෙට යද්දි දැක්කෙ අපෙ ලව්ලි කපල් දෙක... ඕ බඩල එක්ක , මගෙ මාතාජි විත් පිතාජි.

මාතාජි පිතාජිට මල් පොකුරක් දික් කොරන් මොනාතෝ මන්තා කියෝ කියෝ පැණි හලද්දි ඕ ඩබල හෙන ඇක්ෂන් ගොඩක් දදා සපෝට් එක දෙන ගමන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මාතාජි පිතාජිට මල් පොකුරක් දික් කොරන් මොනාතෝ මන්තා කියෝ කියෝ පැණි හලද්දි ඕ ඩබල හෙන ඇක්ෂන් ගොඩක් දදා සපෝට් එක දෙන ගමන්.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
හිතුවක්කාර 🔥 ( Yizhan ) Complete ✅Where stories live. Discover now