හිතුවක්කාරකම් විසි හතායී 🔥

511 66 76
                                    


තව විනාඩි දහයක්වත් යන්න කලින් දොරවල් කඩන් බිදන් ඇතුලට ආවෙ අක්කා වෙද්දි මම අක්කට සද්ද කරන්න එපා කියලා කටට ඇගිල්ල තියල ෂූස් කීවෙ මට කෝලම දොයි හින්දා ....

කොහොමත් ඉන්නෙ කොහෙද කියලා අදාළම නෑනෙ මේ කෝලමට නින්ද කැඩුවොත් එහෙම ...
අමෝ අමෝ...
අපි ඔක්කොගෙම ඇදිවත ගැලවෙනවනෙ ක්ෂණිකෙන්.

නෑ . අක්කා සද්ද කරේ නෑ . හැබැයි එයා සුදු මැණික වෙනුවට ආපු ගමන් බදාගත්තෙ මාව. එයා සමාව ඉල්ලුවා. එයාගෙ මල්ලි ඉක්මනට ගියපු එකට. එයා වැඳ වැටුනා. ඒත් ඇයි . මගෙ මැණික නිදි විතරයිනෙ ?
මම කොච්චර අක්කව සනසන්න හැදුවත් මගෙ සුදු මැණික නිදි විතරයි කියලා කිව්වත් අක්කා පිලිගන්නෙ නැති තැන මගෙත් සීමා බිදුනා. මමත් කෑගැහුවා. මමත් ඇඩුවා . හැබැයි අක්කා මාව නැවැත්තුවේ නෑ. එයා කරේ සුදු මැණිකව බදාගෙන ඇයි යකෝ උබ අපිව දාලා ගියෙ කියලා අඩපු එක විතරයි. දාලා ගිහින් !

ගොඩ වෙලාවකට පස්සෙ මේක ෆ්‍රෑන්ක් එකක් කියලා හිත හිතා ඔක්කොම විහිලුවට අරන් හිටපු මට මගෙ වටේට තිබ්බ මායාව නැති වෙලා යනවා වගේ දැනෙද්දි මං තේරුම් ගත්තා මගෙ මැණික දොයියන් තියෙන්නේ ආයෙ නැගිටින්න නෙවෙයි කියලා . හීනයක් කියලා හිතාගෙන කම්මුල් වලට ගහගන්න ගමන් මම කෑගැහුවා මේක හීනයක් නේද මාව ඇහැරවපියව් කියලා...

නෑ නෑ . මේක හීනයක් නෙවෙයි. මට පුපුරු ගහන කම්මුල් වලින් වේදනාව දැනෙනවනෙ. එතකොට මේක ඇත්තක්ද ? ආයෙ මට ෂර්ට් එක අස්සෙ හංගන් හුරතල් කරන්න කොල්ලෙක් නැද්ද දෙයියනේ ?

" අ.. අක්කේ. ... අනේ මට එකක්.. ග. ගහපන්කො.... මෙ.. මේක හීනය.. ක්ද කියලා බලන්න "

ඇඩුනත් මම හුස්ම අල්ල අල්ලා අක්කගෙන් ඇහුවා මට ගහන්න පුලුවන්ද කියලා . මොකද මට දැනගන්න ඕනි උනා මේ හීනයක්ද ඇත්තක්ද කියලා . මෙහෙම දෙයක් හීනෙන්වත් දකින්න ඕනි නැති උනත් ඇත්තක් විදියට ඇස් පනාපිට තියෙනවට වඩා හීනයක් වෙලා තියෙන එක හොදයි කියලා මට සිය දහස් වතාවක් හිතෙන්න ගත්තා. ඉතින් මට අක්කට කියපු පමාවට හීන ලෝකෙයි ඇත්ත ලෝකෙයි අතරෙ දෝලනය වෙවී හිටපු මට මේක ඇත්ත ලෝකෙ තමා කියලා තේරුන් යන්න හොදම එකෙන් ෂොට් එකක් ලැබුනා වගේම මගෙ කටින් සරල සුන්දර සිංහල වචනයකුත් එලියට පැන්නා.

හිතුවක්කාර 🔥 ( Yizhan ) Complete ✅Where stories live. Discover now