හිතුවක්කාරකම් හතළිස් දෙකායි 🔥

412 43 176
                                    

කලු පාට ෆුල් සූට් එකක් ඇදන් උන්නු කොල්ලෙක් බිල්ඩින් එකේ පෑළ දොර ඒ කීවෙ පිටිපස්සෙ දොර පැත්තට යනවා දැකපු නිසා මාත් ඌ පස්සෙන් පොඩ්ඩක් ගාටලා ඇහැ දාන්න තීරණය කලේ කවුද මේ අසික්කිත විදියට පූස් අඩි තිය තියා යන  කලු පූසා කියලා දැන ගන්න ඕනා නිසයි.
රුකාත් පේන්න නැති එකේ මට වැඩේ ෂේප් එකේ කරගන්න පුලුවන් කියන එක ගැන ලොකු විශ්වාසයක් තිබුනා... ඉතින් ගන් එකත් ලෝඩ් කරන් අපේ කට්ටිය එනකම් පිස්සු පූසෙක් අල්ලන්න මං හිතාගත්තා..

ඇයි වදේ අපේ වැයික්කියේ අපි නොදන්න පූසන්ට රන් කරන්න දෙන්න පුලුවන්යෑ...
අනික තමා කලු පූසො අසුභයිලුනෙ. අසුභ දේවල් මොකටද මේ සුභ කටයුත්තක් අස්සට....
ඒ ඔක්කොටම හපන් මගෙ මිනිහත් ඕක අස්සෙ රිංගලානෙ ඉන්නෙ. ඉතින් අරූගෙ පස්සෙ පාරෙ සද්දෙ ඇහෙන් නැති වෙන්න ගාටපු මං පිටිපස්සෙ දොර ලගට ගියත් ඒ තුරු සුනඛයා අතුරුදහන්.... වටේ පිටේ තිබ්බ මානා යාය දිහාට ඇහැ දාලා කෝකටත් කියලා බැලුවෙ මූ කිනිතුල්ලෙක් වෙලාවත් ඉන්නවද දන්නෙ නෑනෙ පොඩි කාලෙ වගේ දැනුත් මගෙ මිනිහගෙ කනේ රිංගන්න හිතාගෙනවත්.... ඒවා නම් වානා පූෂා.ෂරියා... ඒ රිංගන හැම එකටම මං ඉන්නවනෙ. වෙන උන් නම් වානා වානා වේන්ඩා අඩෙ අප්පා. තව පොඩ්ඩක් වටේට භමණය උනොත් කැරියා මං කිව්වෙ කැරපොත්තා රිංගපු හිල හොයාගන්න පුලුවන් වෙයි කියලා මගෙ සයවෙනි සංවේදකෙන් කාක් කාක් කියලාදැනුන් දුන්නා. බලහන්කො ඉතින් ඒකෙත් හැටි...

උඩ බලන් කපුටො හොය හොයා ගිහින් තව පොඩ්ඩෙන් පය පැකිලී මාව හොම්බෙන් යන්නත් ගියා කියහන්කො...  සාන්ත සාන්ත. දෙන දෙයියො පුපට තල තලා දෙනවා කියන්නෙ මේවටනේ... මගෙ පය පැකිලී තියෙන්නෙ දොරකනෙ... දොර කීවෙ මෙතන බිං දොරක් තිබිලනෙ. නයිස් නයිස්. ඔය තියෙන්නෙ පාර....

දැන් දැන් මේ වෙන සීන් මාව නිකම් අර අර අර ෆිල්ම් එකේ උන්නු විජේ වගේ පීලිං එකක් ගේන්නෙ...
විජේද තලපතිද මන්දා , මොන තලපත්ද දැන් ගණන්නෙ එව්වා..එහෙනම් දැල්ලො හොඳද , හනෙව් ඉතින්  ඒවා මගෙ බන්ඩියේ ඉන්න පැටවුන්ට සැර වැඩි වෙයිනෙ අනේ... චූටියන්ට අහිතක් කරන්න අම්මියාගෙ හිත පැත්ත පලාතෙවත් නෑ .. මං කීවෙ පනු පැටවු ටික ගැන...  හුම්... 
වෙන මොන පැටවුද බන් මට...

හිතුවක්කාර 🔥 ( Yizhan ) Complete ✅Where stories live. Discover now