හිතුවක්කාරකම් අටායී 🔥

747 89 113
                                    

" ඒයිහ් පොඩී...මේන් කුක්කු පිටි එක... අර වාස් එකේ කෑලි ටික 👉👈 මේ ගබඩා කාමරේට තල්ලු කරා ඈ.අලුත් එකක් මං අරන් දෙන්නම්කො සුදූ... අපේ බෑග්ස් ටිකත් සෙට් කරා.

"හ්ම්"

"හ්ම් හ්ම් නොගා කතා කරනවකො ඕයී.දැන් කොච්චර වෙලාවක ඉදන් බකමූණු වන්නම නටනවද ඈ.. මට ඇත්තටම එතන ඔයාගෙ එයා ඉන්නව කියලා අමතක උනා පොඩී....සොරී ඕයී.තරහ වෙන්න එපා ඉතින්.අක්කා තමුසෙට ආතරෙයිනේ..."

"හ්ම් හ්ම්"

"පොඩීහ්හ්හ්"

"ඇයි බන් දෙවනි.පලකො කන් බීරි නොකර...කන්න දේකුත් හදාගන්නව ඕයි. දන්නෙ නැද්ද අම්මලා පොඩි උන් ගමන් එක්ක යද්දි කෑම , බීම , ඇදුම් පැලදුම් උස්සන් යන්..."

"උබ මගෙ පොඩි එකා නෙවෙයි නෙ. කටවහන් ඕක බීපන් හිපාටු පැටියා"

"ගොන් හිකනලී"


අක්කා කඩපු බිදපු හැමදේටම පලිගන්න ඕකිට දොඹ යන්න නෙලනව කියලා කෑගැහුවත් ඇත්තටම අක්කට ගහන්න මගෙ හිතේ කොනකවත් අදහසක් තිබුන් නෑ .මම ඒකිගෙ නසරාණි යකා වෙද්දි ඒකි මගෙ ආදරණීයම යක්ස අක්කා පරාණෙ. මොන හිතකින්ද දෙයියනේ ගහන්නෙ.
මොකද පණ නැති ඒ බෝඩ් එකට,වාස් එකට පුළුවන් යෑ මට සහෝදරීයක් වෙන්න. ඒ උණුහුම ආදරේ දෙන්න. ඉතින් කෝමැයි මං අක්කට ගහන්නෙ බනින්නෙ ? අනික අම්මා නැති තැන ඕකි මට කුඩම්මා හරි වෙන එකීනෙ.

දුකයි තමයි රංජනී . දුක නැතුව නෙවෙයි. ඒ උනත් මොන බැදීමටත් වඩා ලේ බැදීම හයිය වෙන තැන ගොබිලගෙ වෙන්ඩ ආදරවන්තයාට කලින් අක්කගෙ නසරාණි පොඩි සහෝදරයා මතු වෙද්දි අක්කව අල්ලගෙන නෙලන්න චාන්ස් ඕනි තරම් ආවත් ඒකි පස්සෙන් පන්න පන්න අල්ල ගන්න දුවද්දි අතටම අහුවෙලත් අල්ල ගන්න බැරි උනා වගේ මවා පාන්න මට සිද්ධ උනා. පුටු උඩින් , සෝෆා උඩින් , පොත් රාක්ක අස්සෙන් හැම තැනින්ම රිංග රිංග අක්කා දුවද්දි සමහර තැන් වල යන්න බැරුව හිර වෙද්දි තල්ලු කරල අනික් පැත්තට යන්න සපෝට් එක පවා දුන්නෙ මං. මම හිතන්නෙ ඒ වෙලාවෙ ඒකිට නෝට් උන් නෑ මම තමා සපෝට් කරේ කියලවත්. ලෑලි පස්ස රාක්ක අස්සෙන් ගන්න බැරි උනාම තල්ලු කරන්න උනෙත් මට.හරියට ටොම් ඇන්ඩ් ජෙරී වගේ... කොච්චර මරාගත්තත් අන්තිමට අපි දෙන්නට අපි දෙන්න නැතුව බෑ .
අන්තිමට පැය බාගයක් විතර දුවලා හති වැටුන තැන අපි දෙන්නම පුටුවක් උඩට කඩන් වැටුනා වෙද්දි මෙච්චර වෙලා අතුරුදන් වෙලා හිටපු රුකා බිත්තියක් මුල්ලෙ ඔලුවට සාලුවකුත් පොරවන් , කම්මුලකට අතකුත් ගහගෙන හිඟන පැටියා වගේ බලන් ඉන්නව දකිද්දි අක්කයි මායි මූණට මූණ බලාගත්තෙ මුට මොකක්ද මේ වෙලා තියෙන්නෙ කියලා හිතා ගන්න බැරුව ?

හිතුවක්කාර 🔥 ( Yizhan ) Complete ✅Where stories live. Discover now