" අපි යනවා.... ඇත්තටම ඔයාලගෙ සුප් හරිම රසයී..."
" බොහොම ස්තූතියි.. ආයෙත් එන්න... බොහොම ස්තූතියී.. "
ජංකුක් කලබලෙන් වගෙ ජිමින්ගෙ කැෆේ එකට ඇතුල් වෙනකොට ජිමින් හිටියේ දොර ලගට වෙලා එයාගෙ කස්ටමර්ස්ල වගයකට අංශක 90ටම නැවිලා ස්තූති කරමින්.
" හෙලෝ මට කෝෆි එකක් ගේන්න පුලුවන්ද... "
" ආහ් ඔව් අනිවාරෙන්ම"
ජංකුක් කැෆෙ එකට ඇතුල් වෙනවා දැක්කත් කැෆෙ එකේ හිටපු තවත් කස්ටමර් කෙනෙක් කෝෆි එකක් ඉල්ලුව නිසා ජිමින් ට ඉකමනින් එතනින් යන්න උනා.
ජංකුක් තවත් පරක්කු නොවී ඉක්මනට ඇතුලට ගිහින් කැෆේ යුනිෆෝම් එකත් දාගෙන ආවෙ දැනටමත් පැය 2ක් පරක්කු වෙලා නිසා.
ජිමින් කියන්නෙ ජංකුක් ට ස්කූල් යන කාලෙ ඉදන් ඉන්න එකම හොඳම යාලුවා. ජංකුක් වැඩ කරන්නෙ ජිමින්ගෙ කැෆේ එකේ. ඒකට ලොකූ හේතුවක් තියෙනවා.
ඇත්තටම ජංකුක් කියන්නෙ කැෆේ එකක වේටර් රස්සාවක් කරන්න හීනෙකින්වත් හිතපු කෙනෙක් නෙවෙයි. ජංකුක් පොඩි කාලෙ ඉදන්ම හීන මැව්වේ මුලු රටක්ම ලොවක්ම ආදරෙ කරන දක්ෂ බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් වෙන්න. ඒත් අවාසනාවට වගේ වෙච්ච දෙයක් නිසා ජංකුක් ගෙ ලොකුම එකම හීනෙ හීනයක්ම විතරක් උනේ දරු පැටියෙක් එක්ක මෙ ලෝකෙ තනි වෙද්දි.
දැන් මාස 3කට විතර කලින් ජංකුක් ගෙ හ්‍යුන්ග් වයිෆුයි බබයි එක්ක පාටි එකකට ගිහින් එනකොට නොහිතපු වෙලාවක ට්‍රක් එකක් ඇවිදින් එයාලගෙ කා එක යට කරගෙන ගියේ චූටි පැටියව විතරක් මේ ලෝකෙ තනි කරලා දාලා. හ්‍යුන්ග් ට හිටියේ ජංකුක් විතරක් නිසා ජංකුක් කැමැත්තෙන්ම පැටියව එයා භාරයට ගන්න කටයුතු කරේ තමන් ගෙ අනාගතේ ගැන වත් නොහිතා.
ලොකූ සෙනගක් තමන්ගෙ නම චියර් කරනව අහන්න , හැම ටීවි නාලිකාවම තමන්ගෙ නම කියනව දකින්න , හැම කෙනෙක්ම ආදරෙන් තමන්ගෙ නම කියනවා අහන්න හීන මවපු ජංකුක් එදා ඉදන්ම ඒ දේවල් අතෑරලා ලොකු මනුස්සයෙක් වගේ ලොකූ වගකීමක් කරට ගත්තෙ චූටි පැටියෙකුගෙ අනාගතේ එලිය කරන්න.
YOU ARE READING
Is It A Dream? ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ ( 𝚌𝚘𝚖𝚙𝚕𝚎𝚊𝚝𝚎𝚍)
Fanfictionඒක සංසාර ගත හමුවීමක් ද ?? ⛔⛔ Don't Copy My Work ⛔⛔ Top Tae Bottom Kook ➡️ Just fan fiction