ජන්කුක් බබාව වඩාගෙන යන දිහා බලන් ඉදලා ටේහ්යුන් එයාගෙ අත් දෙකෙ තිබ්බ බෑග්ස් ටික කා එකේ පිටිපස්සෙ ශීට් එකෙන් දැම්මා. ඩ්රයිවින් සීට් එකේ වාඩි වෙලා කා එක හරවගෙන සුපර්මාකට් ඒරියා එකෙන් පාරට දානවත් එක්කම ටේහ්යුන් දැක්කා ජන්කුක් හිමින් හිමින් පාරෙ ඇවිදන් යනවා. ජන්කුක් දකිනකොට ටේහ්යුන්ගෙ කටින් සිහින් සිනහවක් ඇදෙනවත් එක්කම
" පණ්ඩිතයා"
නිකන්ම ඒ තොල් වලින් මිමිණුනා.
ටේහ්යුන් ජන්කුක් යන දිහාටම හිමින් හිමින් කා එක ඩ්රයිව් කරන් ආවා. ටේහ්යුන් ට නොදැනීම එයා ටිකක් දුර ජන්කුක් පසුපසින් ඇවිත්.
ටේහ්යුන් කා එක පාර අයිනට කරලා නැවැත්තුවෙ ජන්කුක් street foods තියෙන පොඩි ශොප් එකක් ලග නැවතුන හින්දා. ආයෙත් ජන්කුක් පාර දිගේ යනව දැකපු ටේහ්යුන් වාහනේ හිමින් ස්ටාර්ට් කරන් කලින් වගේම ජන්කුක් පසුපසින් යන්න වුනා.
ආයෙත් ටේහ්යුන් කා එක පාර අයිනෙන් නැවැත්තුවෙ ජන්කුක් පාර අයිනෙ බෙන්ච් එකක වාඩි වෙනවා දැකපු නිසා.
ටේහ්යුන් දැක්කෙ ජන්කුක් බබාවත් ඔඩොක්කුවෙන් වාඩි කරවගෙන මොනවා හරි කන හැටි.. ටිකක් ඈතින් වාහනේ තිබුන නිසා කන්නෙ මොනාද කියල ටේහ්යුන් ට හරි හැටි පෙනුනෙ නෑ.
" ඇයි මම මේ කොල්ලා නිතරම බබා එක්ක තනියම ඉන්නවා දකින්නෙ"
ටේහ්යුන් අත්දෙකත් බැඳගෙන සීට් එකට හේත්තු වෙලා ජන්කුක් දිහා දිගටම බලන් කල්පනා කරන්න වුනා. ඒත් ඇයි මේ දවස් දෙකක් විතරක් දැකපු අදුරන්නෙ නැති කෙනෙක් පස්සෙන් ටේහ්යුන් මෙ විදිහට ආවෙ. ඒකට උත්තරෙ ටේහ්යුන් දන්නෙත් නෑ.
විනාඩි 15ක් විතර එතන රැඳුනු ජන්කුක් බෙන්ච් එකෙන් නැගිටලා යන්න ගියා. ටේහ්යුන් ජන්කුක් ගෙ නිවස ලගටම ගිහින් ජන්කුක් ගේට් එකෙන් ඇතුල් වෙනකන්ම බලන් ඉදලා ආපහු කා එකත් හරෝගෙන යන්න ගියා.
.
.
.
.
."ටෑන් පැටියා...... බලන්න මම ඔයාට මොනාද අරන් ආවෙ කියලා...."
ටේහ්යුන් ටෑන් ලගට ඇවිත් වාඩි වෙලා ගෙනාපුවා එකින් එක අදින්න ගත්තා. ටෝයිස් තිබුන බෑග් එක එහෙමම බිමට හලනකොට ඒකෙ තිබුන බෝලයක් බිම දිගේ පෙරලිලා ගියා. ටෑන් නැගිටලා බෝලෙ යන දිහාට දිව්වේ වැටි වැටි.
YOU ARE READING
Is It A Dream? ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ ( 𝚌𝚘𝚖𝚙𝚕𝚎𝚊𝚝𝚎𝚍)
Fanfictionඒක සංසාර ගත හමුවීමක් ද ?? ⛔⛔ Don't Copy My Work ⛔⛔ Top Tae Bottom Kook ➡️ Just fan fiction